2 ලේකම් 11:9 - Sinhala New Revised Version 2018 අදොරයිම්, ලාකීෂ්, අශේකා; Sinhala New Revised Version අදොරයිම්, ලාකීෂ්, අශේකා; Sinhala Revised Old Version අදොරයිම්, ලාකීෂ්, අසේකා, |
අමශියා සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව ගිය පසු ජෙරුසලමෙහි මනුෂ්‍යයන් විසින් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණයක් කරන ලදී. ඔහු ලාකීෂ්ට පලා ගියේ ය. එහෙත්, සෙනඟ ඔහු පසුපස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහි දී ඔහු මරා,
මින්පසු අසිරියාවේ රජ වන සෙනකෙරීබ් තෙම තමාගේ මුළු සේනාව ඇති ව ලාකීෂ් ඉදිරිපිට සිටිය දී, ජෙරුසලමෙහි සිටි ජුදාහි රජ වන හෙසකියාටත්, ජෙරුසලමෙහි සිටි සියලු ජුදාවරුන්ටත් තමාගේ සේවකයන් අත මෙසේ කියා යැවී ය:
ඒ අවස්ථාවේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම් නගරයට පහර දෙමින් සිටියෝ ය. ජුදාවේ බලකොටු අතරෙන් අල්ලා නොගෙන තිබූ නගරවලින් ඉතිරි වූ ලාකීෂ්ට හා අසේකාට ද ඔව්හු පහර දෙමින් සිටියෝ ය.
තවද, ඔවුන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පලා යද්දී, අශේකා දක්වා බෙත්-හෝරොන් පල්ලමේ දී සමිඳාණන් වහන්සේ අහසෙන් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක; එයින් ඔව්හු මැරුණෝ ය. ගල් වර්ෂාවෙන් නැසුණු අය, ඉශ්රායෙල්වරුන් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූ හ.
ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නාහි සිට ලාකීෂ් නගරයට ගොස්, එය ඉදිරිපිට කඳවුරු බැඳ ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.
එබැවින් අමෝරිවරුන්ගේ රජවරුන් පස්දෙන, එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන් රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද එකතු වී, ඔව්හු ද ඔවුන්ගේ සියලු සේනාවෝ ද ගොස්, ගිබියොන් ඉදිරියෙහි කඳවුරු බැඳ, ඊට විරුද්ධ ව යුද්ධ කළෝ ය.