2 ලේකම් 11:11 - Sinhala New Revised Version 2018 ඔහු මේ බලකොටු සවි කර, ඒවායේ අධිපතීන් සිටුවා, ඒවායේ ආහාර සහ තෙල් ද මුද්‍රික පානය ද රැස් කොට තැබී ය. Sinhala New Revised Version ඔහු මේ බලකොටු සවි කර, ඒවායේ අධිපතීන් සිටුවා, ඒවායේ ආහාර සහ තෙල් ද මුද්‍රික පානය ද රැස් කොට තැබී ය. Sinhala Revised Old Version ඔහු බලකොටු සවිකර, එහි අධිපතීන් සිටුවා, ආහාර සහ තෙල්ද මුද්‍රිකපානයද රැස්කොට තැබුවේය. |
යළිත් හෙතෙම එක එක නගරයෙහි පලිස් සහ හෙල්ල තැබී ය. ඔහු ඒවා ඉතා බලවත් ලෙස ශක්තිමත් කෙළේ ය. එසේ කෙළේ, ජුදා සහ බෙන්ජමින් පෙදෙස්වල සෙනඟ මෙල්ල කරන පිණිස ය.
ඔහු සිහි නුවණින් හැසිර තමාගේ සියලු පුත්‍රයන්ට වගකීම් පවරා දී ඔවුන්ගෙන් කීප දෙනෙකු ජුදාහිත්, බෙන්ජමින්හිත් පළාත් මුළුල්ලෙහි සියලු බලකොටු නගරවලට බෙදා යැවී ය. තවද, බොහෝ සෙයින් ඔවුන්ට ආහාර සපයා දුන්නේ ය. ඔවුන්ට බොහෝ භාර්යාවන් ද සොයා දුන්නේ ය.
ඔව්හු රජුට මෙහෙ කළ අය වූ හ. ඔවුන් හැර රජු විසින් මුළු ජුදාහි බලකොටු නගරවල නවතනු ලැබූ අයත් රජුට මෙහෙ කළෝ ය.
ජුදා රාජ්‍යය සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් දරුවන් ගැන ලියන්න. තව ලීයක් රැගෙන ජෝසෙප් සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් ගෝත්‍රය ගැන ඒ පිට ලියන්න.