ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 7:7 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් ජනයා මිශ්පා නගරයට රැස් ව සිටින බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන්ගේ අධිපතීහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟී ආහ. ඉශ්රායෙල් ජනයා ඒ අසා පිලිස්තිවරුන්ට බිය වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල් ජනයා මිශ්පා නගරයට රැස් ව සිටින බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන්ගේ අධිපතීහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟී ආහ. ඉශ්රායෙල් ජනයා ඒ අසා පිලිස්තිවරුන්ට බිය වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් පුත්‍රයන් මිශ්පාට රැස්ව සිටින බව පිලිස්තිවරුන් ඇසූකල පිලිස්තිවරුන්ගේ අධිපතියෝ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැගී ආවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ අසා පිලිස්තිවරුන්ට භය වූවෝය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 7:7
4 හුවමාරු යොමු  

එවිට ජෙහෝෂාපාට් බිය වී, සමිඳාණන් වහන්සේට යැදීමට ඉටාගෙන ජුදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කෙළේ ය.


පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ.


එවිට ඉශ්රායෙල්වරු තමන් අනතුරට භාජන වී සිටි බව දුටුවෝ ය. ඔව්හු අවදානම් තත්ත්වයක සිටියෝ ය. එවිට සෙනඟ ගුහාවල ද වළවල ද පර්වතවල ද පතල්වල ද ළිංවල ද සැඟවුණෝ ය.


සාවුල් ද සියලු ඉශ්රායෙල් ජනයා ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝ සෙයින් බියපත් වූ හ.