ඒ ගැන ගාත්හි නොකියන්න; අෂ්කෙළොන් වීදිවල පළ නොකරන්න; එසේ කළොත්, පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීති වනු ඇත; විජාතිකයන්ගේ දූවරුන් ජය ඝෝෂා නඟනු ඇත.
1 සාමුවෙ 31:8 - Sinhala New Revised Version 2018 පසු දා පිලිස්තිවරුන් මරන ලද අයගේ යුද්ධායුධ පැහැර ගැනීමට ආ කල සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනා ද ගිල්බෝවා කන්දේ වැටී සිටිනු ඔවුන්ට සම්බ විය. Sinhala New Revised Version පසු දා පිලිස්තිවරුන් මරන ලද අයගේ යුද්ධායුධ පැහැර ගැනීමට ආ කල සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනා ද ගිල්බෝවා කන්දේ වැටී සිටිනු ඔවුන්ට සම්බ විය. Sinhala Revised Old Version තවද පසුවදා මැරුම්කෑ අයගෙන් කොල්ලය ගන්ට පිලිස්තිවරුන් ආ කල සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ගිල්බෝවා කන්දේ වැටී ඉන්නවා ඔවුන්ට සම්බවුණේය. |
ඒ ගැන ගාත්හි නොකියන්න; අෂ්කෙළොන් වීදිවල පළ නොකරන්න; එසේ කළොත්, පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීති වනු ඇත; විජාතිකයන්ගේ දූවරුන් ජය ඝෝෂා නඟනු ඇත.
එම්බා ගිල්බෝවා කඳු හෙල්! තොප පිට පිනි වත්, වැසි වත් නොවැටේ වා! එහි කෙත්වතු පාළු වී යේ වා! මන්ද, බලවතුන්ගේ පලිහ කෙලෙසී ඇත. සාවුල්ගේ පලිහ තෙලින් ආලේප නොකර ඇත.
තවද, පසු දා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්නට පැමිණි කල, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ගිල්බෝවා කන්දේ වැටී සිටිනු දුටුවෝ ය.
ජෙහෝෂාපාට් ද ඔහුගේ සෙනඟ ද ඔවුන්ගෙන් කොල්ලය ගන්න ආ කල, ගවයන් ද වස්තුව ද වස්ත්‍ර ද අනර්ඝ බඩු ද ඔවුන්ට සම්බ විය. ගෙනයන්න බැරි තරමට ඔව්හු ඒවා එකතු කරගත්තෝ ය. කොල්ලය අධික බැවින් ඔව්හු තුන් දවසක් ඒවා එකතු කරමින් සිටියහ.
පිලිස්තිවරු එක්රැස් වී අවුත්, ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය. ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්හ.
ඉශ්රායෙල් සෙනඟ පලා ගිය බවත්, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද මැරුණු බවත් මිටියාවතට මේ පැත්තේ ද ජොර්දානෙන් එගොඩ ද සිටි ඉශ්රායෙල් සෙනඟ දුටු විට ඔව්හු නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත් ඒ නගරවල වාසය කළහ.
ඔව්හු සාවුල්ගේ හිස කපා දමා ඔහුගේ ආයුධ ගලවා, එපවත් තමන්ගේ දේවාලවලත්, සෙනඟ අතරේත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවූ හ.