සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය.
1 සාමුවෙ 31:6 - Sinhala New Revised Version 2018 මෙසේ සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තිදෙනා ද ඔහුගේ ආයුධ ගෙනයන්නා ද ඔහුගේ සියලු සෙනඟ ද ඒ දවසේ දී එක විට ම මරණයට පත් වූ හ. Sinhala New Revised Version මෙසේ සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තිදෙනා ද ඔහුගේ ආයුධ ගෙනයන්නා ද ඔහුගේ සියලු සෙනඟ ද ඒ දවසේ දී එක විට ම මරණයට පත් වූ හ. Sinhala Revised Old Version මෙසේ සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ඔහුගේ ආයුධ ගෙනයන්නාද ඔහුගේ සියලු මිනිස්සුද ඒ දවසේදී එකවිටම මැරුණෝය. |
සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය.
ඔව්හු සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද සමිඳාණන් වහන්සේගේ සෙනඟ ද ඉශ්රායෙල් වංශය ද යුද්ධයේ දී මැරුම් කෑ බැවින් ඔවුන් ගැන හඬා වැලපෙමින් හවස දක්වා නිරාහාර ව සිටියහ.
අබිමෙලෙක් සිය ආයුධ රැගත් තරුණයා ඉක්මනින් කැඳවා, “ ‘ස්ත්‍රියක් ඔහු මැරුවා ය’යි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇද මා මරන්නැ”යි කී ය. තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය.
සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ.
දැන් තිරිඟු කපන කාලය නොවේ ද? එහෙත්, අහස් ගර්ජනාවක් ද වර්ෂාව ද එවන ලෙස මම සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි. ඒ ඉටු වූ කල රජෙකු ඉල්ලීමෙන් ඔබ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කළ දුෂ්ටකම ඔබ තේරුම් ගන්නවා ඇත.”
තවදුරටත් ඔහු කතා කරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මෙසේ කී ය: “ඔහු මැරෙන්නට නියම දවස පැමිණි විට හෝ ඔහු යුද්ධයට ගොස් නසින විට හෝ සමිඳාණන් වහන්සේ ම ඔහුට පහර දෙන සේක;
ඒ හැර සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන් අතට ඔබ සමඟ ඉශ්රායෙල්වරුන් පාවා දෙන සේක. හෙට ඔබ සහ ඔබේ පුත්‍රයන් මා සමඟ සිටිනු ඇත. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ හමුදාවත් පිලිස්තිවරුන්ගේ අතට පාවා දෙන සේක.”
සාවුල් මැරුණ බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දුටු විට ඔහු ද තමාගේ කඩුව පිට වැටී සාවුල් සමඟ මළේ ය.
ඉශ්රායෙල් සෙනඟ පලා ගිය බවත්, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද මැරුණු බවත් මිටියාවතට මේ පැත්තේ ද ජොර්දානෙන් එගොඩ ද සිටි ඉශ්රායෙල් සෙනඟ දුටු විට ඔව්හු නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත් ඒ නගරවල වාසය කළහ.