සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය.
1 සාමුවෙ 31:4 - Sinhala New Revised Version 2018 එවිට සාවුල් තම ආයුධ රැගෙන යන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කිරීමට කැමැති නො වී ය. මන්ද, ඔහු ඉතා බිය ව සිටියේ ය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටී මැරුණේ ය. Sinhala New Revised Version එවිට සාවුල් තම ආයුධ රැගෙන යන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කිරීමට කැමැති නො වී ය. මන්ද, ඔහු ඉතා බිය ව සිටියේ ය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටී මැරුණේ ය. Sinhala Revised Old Version එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස නුඹේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කරන්ට කැමතිවුණේ නැත; මක්නිසාද ඔහු ඉතා භයව සිටියේය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටුණේය. |
සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය.
දාවිත් ද, “සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා නැසීමට භය නැති ව ඔබේ අත එසෙව්වේ කෙසේ දැ”යි ඔහුට කියා,
ඒ ගැන ගාත්හි නොකියන්න; අෂ්කෙළොන් වීදිවල පළ නොකරන්න; එසේ කළොත්, පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීති වනු ඇත; විජාතිකයන්ගේ දූවරුන් ජය ඝෝෂා නඟනු ඇත.
එපවත් ඔහුට සැළ කළ තරුණයා ඔහුට කතා කොට, “මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමිණියෙමි. ඒ වේලාවේ දී සාවුල් තමාගේ හෙල්ලයට හේත්තු වී සිටියේ ය; රථ හා අසරුවෝ ඔහු පසුපස වේගයෙන් එළවාගෙන ආහ.
තමාගේ අවවාදය ලෙස නොකරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.
එවිට ඔහු ගොස්, ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු අරගත්තේ ය. ඔවුන් ඒ ඇටකටු බෙත්ෂාන්හි ප්‍රසිද්ධ චතුරශ්‍රයෙන් සොරාගෙන ගොස් තිබිණි. සාවුල් ගිල්බෝවා කන්දේ දී මරනු ලැබූ දවසේ දී පිලිස්තිවරුන් ඔහුගේ ද ජොනතන්ගේ ද සිරුරු එල්ලුවේ ඒ චතුරශ්‍රයෙහි ය.
තවද, නගරය අල්ලාගත් බව සිම්රී දුටු විට ඔහු රජ මාලිගාවේ බලකොටුවට ඇතුළු වී රජ මාලිගාවට ගිනි ලා ගෙන මළේ ය.
ඔම්රී කළ අනික් ක්‍රියා ද ඔහු කළ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් අවුත්, මට අවමන් නොකරන පිණිස ඔබේ කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා ඊට කැමැති වූයේ නැත. ඔහු එසේ කරන්නට බොහෝ සෙයින් බිය විය. එබැවින් සාවුල් තමාගේ කඩුව ගෙන තෙමේ ම එය පිට වැටුණේ ය.
එවිට ඔහුගේ මවුපියෝ ඔහුට කතා කොට, “ඔබ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් බිරිඳක ගන්නට යන්නේ, ඔබේ ඥාතීන්ගේ දූවරුන් අතරේ වත්, අපේ සෙනඟ අතරේ වත් කාන්තාවක නැති නිසා දැ”යි ඔහුගෙන් ඇසූ හ. එහෙත් සම්සොන්, “ඒ කාන්තාව මට ලබා දෙන්න, මම ඈට කැමැත්තෙමි”යි තම පියාට කීවේ ය.
අබිමෙලෙක් සිය ආයුධ රැගත් තරුණයා ඉක්මනින් කැඳවා, “ ‘ස්ත්‍රියක් ඔහු මැරුවා ය’යි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇද මා මරන්නැ”යි කී ය. තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය.
ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.
දාවිත් තමා ළඟ සිටි මිනිසුන්ට කතා කොට, “මේ පිලිස්තියයා මරා දමා ඉශ්රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මිනිසාට කුමක් දෙන්නේ ද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට අභියෝග කරන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවරෙක් දැ”යි ඇසී ය.
ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි,
තවදුරටත් ඔහු කතා කරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මෙසේ කී ය: “ඔහු මැරෙන්නට නියම දවස පැමිණි විට හෝ ඔහු යුද්ධයට ගොස් නසින විට හෝ සමිඳාණන් වහන්සේ ම ඔහුට පහර දෙන සේක;
සාවුල් මැරුණ බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දුටු විට ඔහු ද තමාගේ කඩුව පිට වැටී සාවුල් සමඟ මළේ ය.