ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 30:25 - Sinhala New Revised Version 2018

එදා දාවිත් කී දේ, පනතක් හා නියෝගයක් හැටියට නියම කෙළේ ය. එදා පටන් අද දක්වා ඉශ්රායෙල් ජනයා විසින් එය පිළිපදිනු ලැබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එදා දාවිත් කී දේ, පණතක් හා නියෝගයක් හැටියට නියම කෙළේ ය. එදා පටන් අද දක්වා ඉශ්රායෙල් ජනයා විසින් එය පිළිපදිනු ලැබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ඔහු මේ කාරණය එදා පටන් අද දක්වා ඉශ්‍රායෙල් කෙරෙහි පනතක් හා නියෝගයක් කොට නියමකෙළේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 30:25
4 හුවමාරු යොමු  

තිරයට පිටතින් ගිවිසුම් කරඬුව ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයෙහි, උදය පටන් සවස දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දැල්වෙන පිණිස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්, මේ පහන තැබිය යුතු වේ. මෙය ඉශ්රායෙල් ජනයා හා ඔවුන්ගේ පෙළපත් සදහට ම පිළිපැදිය යුතු නියෝගයක් වන්නේ ය.”


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.


ඔබ කියන දේට සවන් දෙන්නේ කවරෙක් ද? සියලු දෙනා ම එක හා සමාන ව බෙදාගත යුතු ය; යුද්ධයට යන අයගේ කොටසත්, බඩු ළඟ නැවතී සිටින අයගේ කොටසත් එක හා සමාන විය යුතු ය.”


දාවිත් ශික්ලග් නුවරට පැමිණි විට තමාගේ මිත්‍රයන් වන ජුදාහි ප්‍රජා මූලිකයන්ට කොල්ලයෙන් කොටසක් යවමින්, “මෙන්න, සමිඳාණන් වහන්සේගේ සතුරාගෙන් ගත් කොල්ලයෙන් ඔබට තෑගි ය”යි කියා යැවී ය.