ඔහු ඔවුන් සමඟ කතා කරද්දී ම පණිවුඩකාරයා ඔහු ළඟට ආවේ ය. රජ කතා කොට, “මේ නපුර සමිඳාණන් වහන්සේගෙන් ය; සමිඳාණන් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වන්නේ කුමට දැ”යි ඇසී ය.
1 සාමුවෙ 28:7 - Sinhala New Revised Version 2018 එවිට සාවුල් සිය සේවකයන්ට කතා කොට, “ආත්මබන්ධනකාරියක මට සොයා දෙන්න; මම ඈ වෙත ගොස් ඇගෙන් කරුණු විචාරන්නෙමි”යි කී ය. ඔහුගේ සේවකයෝ ද “ආත්මබන්ධනකාරියක් ඒන්දොර්හි සිටිනවා ය”යි කී හ. Sinhala New Revised Version එවිට සාවුල් සිය සේවකයන්ට කතා කොට, “ආත්මබන්ධනකාරියක මට සොයා දෙන්න; මම ඈ වෙත ගොස් ඇගෙන් කරුණු විචාරන්නෙමි”යි කී ය. ඔහුගේ සේවකයෝ ද “ආත්මබන්ධනකාරියක් ඒන්දොර්හි සිටිනවා ය”යි කී හ. Sinhala Revised Old Version එවිට සාවුල් තමාගේ සේවකයන්ට කථාකොට: ආත්ම බන්ධනකාර ස්ත්‍රියෙක් මට සොයන්න, මම ඈ ළඟට ගොස් ඇගෙන් විචාරන්නෙමියි කීවේය. ඔහුගේ සේවකයෝද: ආත්ම බන්ධනකාර ස්ත්‍රියෙක් ඒන්-දොර්හි සිටිනවායයි ඔහුට කීවෝය. |
ඔහු ඔවුන් සමඟ කතා කරද්දී ම පණිවුඩකාරයා ඔහු ළඟට ආවේ ය. රජ කතා කොට, “මේ නපුර සමිඳාණන් වහන්සේගෙන් ය; සමිඳාණන් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වන්නේ කුමට දැ”යි ඇසී ය.
සමිඳාණන් වහන්සේගේ වචනය රක්ෂා නොකිරීමෙන් උන් වහන්සේට විරුද්ධ ව කළ වරද නිසාත්, උන් වහන්සේගෙන් නොවිචාරා ආත්මබන්ධනකාරියකගෙන් කරුණු අසා විචාළ නිසාත් සාවුල් මෙසේ නැසුණේ ය.
මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි; ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි. ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත; මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.
“නුඹලා නොකෙලෙසෙන පිණිස ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම් ගන්න අය නොතකන්න. මන්ත්‍රකාරයන් සොයා නොයන්න. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.
එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය.
අප යාච්ඤා කරන තැනට යද්දී, ගුප්ත දෑ හෙළි කරන ආත්මයක් ආවේශ වූ, පේන කීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ උපදවා දුන්, එක්තරා වහල් තරුණියක් අපට හමු වූවා ය.
හූනියම් කරන්නෙකු වත්, ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම්ගන්නෙකු වත්, මන්ත්‍රකාරයෙකු වත්, යක්බැන්දුම්කාරයෙකු වත් ඔබ අතර නොසිටිය යුතු ය.
තවද, ඉස්සාකර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නගර ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නගර ද දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද ඒන්-දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද තයනාක් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද මෙගිද්දෝ වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේ ය.
මේ කාලයේ දී සාමුවෙල් මියගොස් තිබිණි. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී, ඔහුගේ ම නුවර වූ රාමාහි ඔහු තැන්පත් කළහ. සාවුල් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහ කර තිබිණි.