ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 28:5 - Sinhala New Revised Version 2018

සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දුටු විට බිය විය; ඔහුගේ සිත ද බොහෝ සේ කම්පිත විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දුටු විට බිය විය; ඔහුගේ සිත ද බොහෝ සේ කම්පිත විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දැක භයවිය, ඔහුගේ සිතද බොහෝසෙයින් වෙවුලුවේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 28:5
11 හුවමාරු යොමු  

බියකරු හඬ ඔහුගේ සවනත රැව් දෙයි. සුව සේ සිටින විට පවා සොර සතුරෝ ඔහුට පහර දෙති.


භීතිය සැම’තින් ඔහු බිය ගන්වයි; ඔහුගේ පාද ළඟින් ම එය ඔහු ලුහුබැඳ එයි.


ඔව්හු සැණෙකින් වැනසී යන්නෝ ය. තැතිගෙන අන්ත විනාශයට ම වැටී යන්නෝ ය.


දුෂ්ටයා බිය වන දේ ම ඔහු පිටට එයි; ධර්මිෂ්ඨයා කැමැති වන දේ ම ඔහුට දෙනු ලැබෙයි.


සිරියාවේ හමුදා ඉශ්රායෙල් දේශයට පිවිස සිටින බව ජුදාවේ රජුට දන්වන ලදී. එවිට රජ ද සෙනඟ ද සුළඟට සැලෙන ගස් මෙන් චංචල වූ හ.


පිලිස්තිවරු එක්රැස් වී අවුත්, ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය. ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්හ.


සාවුල් සමිඳාණන් වහන්සේගෙන් කරුණු විමසූ කල, උන් වහන්සේ ස්වප්නවලින් වත්, උරිම් පස ඇටවලින් වත්, දිවැසිවරුන් ලවා වත් ඔහුට පිළිතුරු නුදුන් සේක.