“නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.
1 සාමුවෙ 28:13 - Sinhala New Revised Version 2018 රජ ද, “බිය නොවන්නැ”යි කියා, “ඔබට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසුවේ ය. “අවතාරයක් පොළොවෙන් නැඟී එනවා”යි ස්ත්‍රිය සාවුල්ට කීවා ය. Sinhala New Revised Version රජ ද, “බිය නොවන්නැ”යි කියා, “ඔබට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසුවේ ය. “අවතාරයක් පොළොවෙන් නැඟී එනවා”යි ස්ත්‍රිය සාවුල්ට කීවා ය. Sinhala Revised Old Version රජද: භයනොවෙන්නැයි කියා-නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඇගෙන් ඇසුවේය. දෙවිකෙනෙක් පොළොවෙන් නැගී එනවා මට පෙනේ යයි ස්ත්‍රී සාවුල්ට කීවාය. |
“නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.
ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය.
ඒ ස්ත්‍රිය සාමුවෙල් දුටු කල මහ හඬින් කෑගැසුවා ය. ඈ සාවුල්ට කතා කොට, “ඔබ මා රැවටුවේ මන් ද? ඔබ නම් සාවුල් ය”යි ඔහුට කීවා ය.
“ඔහුගේ හැටි කොහොම දැ”යි ඔහු ඇගෙන් ඇසුවේ ය. ඈ පිළිතුරු දෙමින්, “මහලු මිනිසෙක් නැඟී එන්නේ ය; ඔහු සළුවක් පොරවාගෙන සිටින්නේ ය”යි කීවා ය. ඒ සාමුවෙල් බව සාවුල්ට දැනී ඔහු මුණින්තළා වී වැන්දේ ය.