ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟ සිටියහ. සියලු කෙරෙතිවරු ද සියලු පෙලෙතිවරු ද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තීය ජාතික මිනිස්සු හයසියයක් ද ඔහුට පෙරටු ව ගියහ.
1 සාමුවෙ 27:4 - Sinhala New Revised Version 2018 දාවිත් ගාත්ට පලා ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එබැවින් ඔහු තවත් දාවිත් නොසෙව්වේ ය. Sinhala New Revised Version දාවිත් ගාත්ට පලා ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එබැවින් ඔහු තවත් දාවිත් නොසෙව්වේ ය. Sinhala Revised Old Version දාවිත් ගාත්ට පලාගිය බව සාවුල්ට දන්වනලද්දේය. ඔහු තවත් ඔහු නොසෙවුවේය. |
ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟ සිටියහ. සියලු කෙරෙතිවරු ද සියලු පෙලෙතිවරු ද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තීය ජාතික මිනිස්සු හයසියයක් ද ඔහුට පෙරටු ව ගියහ.
එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි; මාගේ පුත් දාවිත්, හැරී එන්න. අද දවසේ ඔබ මාගේ ප්‍රාණය ගරු කොට සැලකූ නිසා ඔබට තවත් මම හිංසා නොකරමි. මම මෝඩයෙකු මෙන් හැසිර, බොහෝ සේ මුළා වීමි”යි කීවේ ය.
දාවිත් සහ ඔහුගේ සෙනඟ ද ඔවුනොවුන්ගේ පවුල් ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාව ව සිටි කර්මෙලීය අබිගායිල් ද ආකීෂ් රජු සමඟ ගාත්හි විසූ හ.
දාවිත් ආකීෂ් රජුට කතා කොට, “ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේ නම්, මට වාසය කිරීමට පිටිසර නුවරක යම් ස්ථානයක් ලැබේවා. ඔබේ මෙහෙකරුවා ඔබ සමඟ රජ නුවර වාසය කරන්නේ කුමට දැ”යි කීවේ ය.