ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 26:7 - Sinhala New Revised Version 2018

මෙසේ දාවිත් ද අබිෂයි ද රාත්‍රියෙහි සාවුල්ගේ කඳවුරට පිවිස, සාවුල් තමාගේ හෙල්ලය තම හිස ළඟ බිම සිටුවා කඳවුර මැද නිදාගෙන සිටිනු දුටුවෝ ය. අබ්නේර් සහ සෙනඟ ඔහු වටකර නිදා උන්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ දාවිත් ද අබිෂයි ද රාත්‍රියෙහි සාවුල්ගේ කඳවුරට පිවිස, සාවුල් තමාගේ හෙල්ලය තම හිස ළඟ බිම සිටුවා කඳවුර මැද නිදාගෙන සිටිනු දුටුවෝ ය. අබ්නේර් සහ සෙනඟ ඔහු වටකර නිදා උන්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ දාවිත්ද අබිෂයිද රාත්‍රියෙහි සෙනඟ ළඟට පැමිණිවිට, සාවුල් තමාගේ හෙල්ලය තමාගේ හිස ළඟ බිම සිටුවා, ගැල් තිබුණු ස්ථානයේ නිදා ඉන්නවා දුටුවෝය. අබ්නේර් සහ සෙනඟ ඔහු වටකර නිදාඋන්නෝය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 26:7
5 හුවමාරු යොමු  

එනම්: ‘ඔබේ කුඩා දරුවන් හා භාර්යාවන් ද සඳහා මිසර දේශයේ රථවාහන රැගෙන ගොස් ඔබේ පියා කැඳවාගෙන එන්න.


දාවිත් අලුයම නැඟිට, බැටළු පාලකයෙකුට බැටළුවන් භාර දී, ජෙස්සේ තමාට අණ කළ ලෙස ආහාර රැගෙන ගොස් කඳවුර තිබුණ ස්ථානයට පැමිණියේ ය. ඒ අවස්ථාවේ දී සේනාව රණ බිමට යමින් ඔල්වර හඬ නඟමින් සිටියහ.


එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයිටත් කතා කොට, “මා සමඟ සාවුල් ළඟට කඳවුරට යන්නේ කවරෙක් දැ”යි ඇසී ය. “මම ඔබ සමඟ යමි”යි අබිෂයි පිළිතුරු දුන්නේ ය.


එවිට අබිෂයි දාවිත්ට කතා කොට, “දෙවියන් වහන්සේ අද ඔබේ සතුරා ඔබ අතට පාවා දුන් සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමට ම ඇණ දමන්නට මට අවසර දුන මැනව; ඔහුට පහර දෙකක් ගසන්නට වුවමනා නැතැ”යි දාවිත්ට කීවේ ය.