ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 26:2 - Sinhala New Revised Version 2018

එවිට සාවුල් පිටත් වී, ඉශ්රායෙල් දේශයෙන් තෝරාගත් තුන්දහසක් පිරිවරා ශිප් පාළුකරයෙහි දාවිත් සොයන පිණිස එතැනට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට සාවුල් පිටත් වී, ඉශ්රායෙල් දේශයෙන් තෝරාගත් තුන්දහසක් පිරිවරා ශිප් පාළුකරයෙහි දාවිත් සොයන පිණිස එතැනට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට සාවුල් පිටත්වී, ඉශ්‍රායෙල්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් තුන්දහසක් ඇතුව ශීප් කාන්තාරයෙහි දාවිත් සොයන පිණිස ශීප් කාන්තාරයට ගියේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 26:2
7 හුවමාරු යොමු  

මා මැරීමට සොයන අය මට උගුල් අටවා ඇත; මට අනතුරු කරන්න සොයන අය නපුරු දේ කිය කියා දවස පුරා කූට උපා යොදති.


සාවුල් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් තුන්දාහක් තෝරාගත්තේ ය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හි ද බෙතෙල් කඳුකරයේ ද සිටියෝ ය; දාහක් බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් පෙදෙස වන ගිබියාහි සිටි ජොනතන් සමඟ සිටියෝ ය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට යන්නට හැරියේ ය.


ඔහු දාවිත්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ මට වඩා දැහැමි ය. මන්ද, මා ඔබට නපුර කළ නමුත්, ඔබ මට යහපත කෙළෙහි ය.


එවිට සාවුල් සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් තුන්දහසක් රැගෙන වල් එළුවන් ගැවසෙන පර්වතයේ නැගෙනහිරෙන් දාවිත් සහ ඔහුගේ සෙනඟ සොයන්නට ගියේ ය.


සාවුල් මාර්ගයෙහි තිබුණ බැටළු ගාලකට පැමිණ ශරීරකෘත්‍යය සඳහා එහි තිබුණු ගුහාවකට ඇතුළු විය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ගුහාවේ අහු මුලු වල සිටියෝ ය.