රජතුමා තමන්ගේ නිලධාරීන්ට කතා කොට, අද දවසේ ඉශ්රායෙල්හි අධිපතියෙකු ද උත්තමයෙකු ද මියගිය බව ඔබ හැම දන්නේ නැද් ද?
1 සාමුවෙ 26:15 - Sinhala New Revised Version 2018 දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය; “ඔබ මිනිසෙක් නොවේ ද? ඉශ්රායෙල්හි ඔබ හා සමාන අන් කෙනෙක් සිටී ද? එසේ නම් ඔබේ ස්වාමියා වන රජ්ජුරුවන් ඔබ රැක බලා නොගත්තේ මන් ද? ඔබේ ස්වාමීන් වන රජ්ජුරුවන් නසන පිණිස සෙනඟගෙන් කෙනෙක් ඇතුළු විය. Sinhala New Revised Version දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය; “ඔබ මිනිසෙක් නොවේ ද? ඉශ්රායෙල්හි ඔබ හා සමාන අන් කෙනෙක් සිටී ද? එසේ නම් ඔබේ ස්වාමියා වන රජ්ජුරුවන් ඔබ රැක බලා නොගත්තේ මන් ද? ඔබේ ස්වාමීන් වන රජ්ජුරුවන් නසන පිණිස සෙනඟගෙන් කෙනෙක් ඇතුළු විය. Sinhala Revised Old Version දාවිත්ද: නුඹ වික්‍රමාන්විත මනුෂ්‍යයෙක් නොවේද? ඉශ්‍රායෙල්හි නුඹ හා සමාන කෙනෙක් කවුද? නුඹේ ස්වාමිවූ රජ්ජුරුවන් නුඹ විසින් රැකවල් නොකළේ මක්නිසාද? නුඹේ ස්වාමිවූ රජ්ජුරුවන් නසන පිණිස සෙනඟගෙන් කෙනෙක් ඇතුල්වූයේය. |
රජතුමා තමන්ගේ නිලධාරීන්ට කතා කොට, අද දවසේ ඉශ්රායෙල්හි අධිපතියෙකු ද උත්තමයෙකු ද මියගිය බව ඔබ හැම දන්නේ නැද් ද?
උන් වහන්සේ ශ්‍රාවකයන් වෙත අවුත් ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරුට කතා කොට, “සැබැවින් ම මා සමඟ එක පැයක් වත් අවදි ව ඉන්න ඔබට බැරිවුණා ද?
ඉන්පසු දාවිත් සාවුල්ගේ සෙනඟටත්, නේර්ගේ පුත් අබ්නේර්ටත් මොරගසා, “අබ්නේර්, මට පිළිතුරු දෙන්නැ”යි කී ය. අබ්නේර් ද පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ට අඬගසන ඔබ කවරෙක් දැ”යි ඇසුවේ ය.
ඔබේ යුතුකම ඔබ නොකෙළෙහි ය. ඔබ හැම දෙන සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන ඔබ හැමගේ ස්වාමියා රැක බලා නොගත් නිසා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි, ඔබ හැම මරණයට සුදුස්සෝ ය. රජ්ජුරුවන්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත්, වතුර භාජනයත් දැන් කොහේ ද කියා බලන්න.”