ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 25:20 - Sinhala New Revised Version 2018

ඈ කොටළුවා පිට නැඟී කඳු ගැටයකින් බැස යද්දී හදිසියේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඈ ඉදිරියට බැස ආවෝ ය. ඈ ද ඔවුන්ට මුණගැසුණා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඈ කොටළුවා පිට නැඟී කඳු ගැටයකින් බැස යද්දී හදිසියේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඈ ඉදිරියට බැස ආවෝ ය. ඈ ද ඔවුන්ට මුණගැසුණා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඈ කොටළුවා පිට නැගී කන්දේ මුවාව තිබුණ ස්ථානයකින් බැසයද්දී දාවිත්ද ඔහුගේ මිනිස්සුද ඈ ඉදිරිපිට බැස ආවෝය; ඈද ඔවුන්ට මුණගැසුණාය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 25:20
3 හුවමාරු යොමු  

ඈ, “ඒකට කමක් නැත” කියා කොටළු දෙන සූදානම් කරගෙන ඇගේ වැඩකාරයාට කතා කොට, “කොටළු දෙන දක්කාගෙන යන්න; මා ඔබට කියන තෙක් දැක්කීමේ වේගය අඩු නොකරන්නැ”යි කීවා ය.


එසේ කර ඈ වැඩකාරයන් අමතා, “ඔබ මට පෙරටුව යන්න. මම ඔබ පස්සෙන් එන්නෙමි”යි කීවා ය. ඒ ගැන කිසිවක් ඈ සිය පුරුෂයාට කීවේ නැත.


දාවිත් මෙසේ ඉටාගෙන සිටියේ ය: “සැබැවින් පාළුකරයේ දී මේ මිනිසාට අයිති සියල්ල මම ආරක්ෂා කෙළෙමි. කිසිවක් නැති නොවන ලෙස මොහු සන්තක සියල්ල මා ආරක්ෂා කිරීම නිෂ්ඵල ය. එසේ වුව ද මා මොහුට කළ යහපතට ඔහු මට අයහපතක් කර ඇත.