එවිට දාවිත්ගේ තරුණයන් හැරී ගොස් දාවිත් වෙත පැමිණ නාබල් කී දේ ඔහුට සැළ කළහ.
එවිට දාවිත්ගේ යෞවනයෝ හැරී ගොස් දාවිත් ළඟට පැමිණ ඒ සියලු වචනවල ප්‍රකාරයට ඔහුට දැන්නුවෝය.
ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට එපවත් දන්වමින්, “ඔබ කැමැති කොයි එකට ද? ඔබේ දේශයට සත් අවුරුද්දක් සාගතය පැමිණීමට ද? නොහොත් තුන් මාසයක් ඔබේ සතුරන් ඔබ පසුපස ලුහුබැඳ එද්දී ඔබ ඔවුන් ඉදිරියෙන් පලා යෑමට ද, නොහොත් ඔබේ දේශයෙහි තුන් දවසකට වසංගතයක් ඇති වීමට ද? දැන් ඉතින් මා එවූ තැනැන් වහන්සේට කෙබඳු උත්තරයක් මා දිය යුතු දැ යි කල්පනා කර බලන්නැ”යි කී ය.
ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ.
එසේ වී නම්, මා මාගේ රොටි ද වතුර ද මාගේ බැටළු ලොම් කපන්නන් උදෙසා මා මැරූ සතුන්ගේ මස් ද රැගෙන, කොතැනින් ආවා ද කියා මා නොදන්න මිනිසුන්ට දෙන්නට දැ”යි ඇසුවේ ය.
එවිට දාවිත්, “ඔබ එකිනෙකා තම තමාගේ කඩුව ගන්නැ”යි තමාගේ තරුණයන්ට කී ය. ඔව්හු හැම දෙන ම තම තමන්ගේ කඩු ගත්හ. දාවිත් ද තමාගේ කඩුව ගත්තේ ය. මිනිස්සු හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝ ය; දෙසියයක් භාණ්ඩ ළඟ නැවතී සිටියහ.