ඔහු ද කතා කරමින්, “මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්නටත්, ආහාර පූජාව බදින්නටත් වෙන් කර ඇති ස්ථානය වේ. එසේ කරන්නේ, සෙනඟ ශුද්ධ කරන පිණිස ඒවා පිට මළුවට නොගෙන යන පිණිස ය”යි මට කීවේ ය.
1 සාමුවෙ 2:13 - Sinhala New Revised Version 2018 ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේ ය: යම් කෙනෙකු පූජාවක් ඔප්පු කරන කල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස් කොක්කක් රැගෙන අවුත්, Sinhala New Revised Version ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේ ය: යම් කෙනෙකු පූජාවක් ඔප්පු කරන කල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස් කොක්කක් රැගෙන අවුත්, Sinhala Revised Old Version ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේය: කවුරු නුමුත් පූජාවක් ඔප්පුකරනකල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස්කොක්කක් අතේ ඇතුව ඇවිත්, |
ඔහු ද කතා කරමින්, “මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්නටත්, ආහාර පූජාව බදින්නටත් වෙන් කර ඇති ස්ථානය වේ. එසේ කරන්නේ, සෙනඟ ශුද්ධ කරන පිණිස ඒවා පිට මළුවට නොගෙන යන පිණිස ය”යි මට කීවේ ය.
හට්ටියේ හෝ සැළියේ හෝ කල්දේරමේ හෝ ඇතිළියේ හෝ දමන්නේ ය; එවිට කොක්කට අසු වූ සියල්ල පූජකයා තමාට ම ගන්නේ ය. ෂිලෝ නගරයට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට ඔව්හු මෙසේ කළහ.
ඒලී ඉතා මහලු ව සිටියේ ය. තමාගේ පුත්‍රයන් සියලු ඉශ්රායෙල්වරුන්ට කළ සියල්ල ගැනත්, සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සේවය කළ ස්ත්‍රීන් සමඟ ඔවුන් සයනය කරන බවත් ඔහුට ආරංචි විය.
එසේ නම්, මාගේ වාසස්ථානයේ ඔප්පු කරන්නට මා අණ කර තිබෙන මාගේ යාගයටත්, මාගේ පූජාවටත් නුඹ අගෞරව කරන්නේත්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පූජාවල ඉතා හොඳ කොටස්වලින් නුඹේ පුත්‍රයන් තර කරගන්න පිණිස නුඹ මට වඩා නුඹේ පුත්‍රයන්ට ගෞරව කරන්නේත් මන් ද?