ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 19:1 - Sinhala New Revised Version 2018

දාවිත් මරන ලෙස සාවුල් තම පුත් ජොනතන්ටත්, තමාගේ සියලු සේවකයන්ටත් කීවේ ය. එහෙත්, සාවුල්ගේ පුත් ජොනතන් දාවිත්ට බොහෝ සේ ප්‍රේම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් මරන ලෙස සාවුල් තම පුත් ජොනතන්ටත්, තමාගේ සියලු සේවකයන්ටත් කීවේ ය. එහෙත්, සාවුල්ගේ පුත් ජොනතන් දාවිත්ට බොහෝ සේ ප්‍රේම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද සාවුල් දාවිත් මරන්ට කියා තම පුත්‍රවූ යොනාතාන්ටත් තමාගේ සියලු සේවකයන්ටත් කීවේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 19:1
10 හුවමාරු යොමු  

ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ.


ඔව්හු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ඊෂ්-බොෂෙත්ගේ හිස ගෙනවුත්, රජුට කතා කොට, “ඔබ මරන්නට සෙවූ, ඔබට සතුරු වූ, සාවුල්ගේ පුත්‍රයා වන ඊෂ්-බොෂෙත්ගේ හිස මෙන්න; මෙසේ සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් උදෙසා අද සාවුල්ගෙන් ද ඔහුගේ වංශයෙන් ද පළිගත් සේකැ”යි කී හ.


දාවිත් සාවුල්ට කතා කොට නිම වූ කල ජොනතන්ගේ සිත දාවිත් දෙසට තදින් ඇදී ගොස්, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කෙළේ ය.


එවිට සාවුල් සේවකයන්ට අණ කරමින්, “රජ්ජුරුවන්ගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සිය දෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට අන් කිසි දායාදයක් වුවමනා නැත කියා දාවිත්ට කියන්නැ”යි කී ය. සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්නට අදහස් කෙළේ මේ අයුරින් ය.


ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්හ.


සාවුල් මේ කීමට අප්‍රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය.


එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්‍යා සහගත ඇසිණි.


ඔහු දාවිත්ට කතා කොට, “මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේ ය. ඒ නිසා හෙට උදේ ප්‍රවේසම් වී රහසේ සැඟවී සිටින්න.


දාවිත් රාමායේ වූ නායොත්හි සිට පලා ගොස් ජොනතන් ළඟට පැමිණ, “ඔබේ පියාණන් මා මරන්නට සොයන්නේ මා කුමක් කළ නිසා ද? මාගේ අපරාධය කිමෙක් ද? ඔහුට විරුද්ධ ව මා කළ පාපය කුමක් දැ”යි ඇසුවේ ය.


අනිද්දා ඔබේ නොපැමිණීම වඩා හොඳට කැපී පෙනෙනු ඇත. ඒ නිසා ඔබ කලින් සැඟවී සිටි ස්ථානයට ගොස් එහි ඇති ගල් ගොඩ පිටුපස්සේ සැඟවී සිටින්න.