එසේ වුව ද, ඔහු අයාගේ දුව වූ රිශ්පා සාවුල්ට දාව ලැබූ අර්මෝනි සහ මෙපිබොෂෙත් යන පුත්‍රයන් දෙදෙන ද සාවුල්ගේ දුව වූ මීකල් මෙහොලාතිය බර්ශිල්ලයිගේ පුත් අද්‍රියෙල්ට දාව ලැබූ පුත්‍රයන් පස්දෙනා ද ගෙන,
1 සාමුවෙ 18:19 - Sinhala New Revised Version 2018 එහෙත්, සාවුල්ගේ දුව වන මේරබ් දාවිත්ට පාවා දෙන්නට නිසි කාලය පැමිණි විට, ඈ මෙහොලාතියේ වැසියෙකු වන අද්‍රියෙල්ට භාර්යාව කොට දෙන ලද්දී ය. Sinhala New Revised Version එහෙත්, සාවුල්ගේ දුව වන මේරබ් දාවිත්ට පාවා දෙන්නට නිසි කාලය පැමිණි විට, ඈ මෙහොලාතියේ වැසියෙකු වන අද්‍රියෙල්ට භාර්යාව කොට දෙන ලද්දී ය. Sinhala Revised Old Version නුමුත් සාවුල්ගේ දුවවූ මේරබ් දාවිත්ට දෙන්ට නිසි කාලයේදී ඕතොමෝ මෙහොලාතිය අද්‍රියෙල්ට භාර්යාවකොට දෙනලද්දීය. |
එසේ වුව ද, ඔහු අයාගේ දුව වූ රිශ්පා සාවුල්ට දාව ලැබූ අර්මෝනි සහ මෙපිබොෂෙත් යන පුත්‍රයන් දෙදෙන ද සාවුල්ගේ දුව වූ මීකල් මෙහොලාතිය බර්ශිල්ලයිගේ පුත් අද්‍රියෙල්ට දාව ලැබූ පුත්‍රයන් පස්දෙනා ද ගෙන,
නිම්ෂිගේ පුත් ජේහු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ආලේප කරන්න. ආබෙල් මෙහොලාහී ෂාපාත්ගේ පුත් එලිෂා නුඹ වෙනුවට දිවැසිවරයෙකු ලෙස ආලේප කරන්න.
අහිලුද්ගේ පුත් බානාට තයනාක් සහ මෙගිද්දෝ යන නගර ද ශාරෙතාන් නගරය අසල ජෙශ්‍රෙයෙල් නම් නගරයට දකුණින් පිහිටි මුළු බෙත්-ෂෙයාන් පෙදෙස ද පැවරිණි. ඒ පෙදෙස බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වා ද ජොක්මෙයාම් නගරයට එහා සීමා දක්වා ද විහිදී තිබේ.
ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝ ය. එවිට සමිඳාණන් වහන්සේ කඳවුරේ සිටි අය එකිනෙකා තම තමාගේ කඩුවෙන් අනෙකාට පහර දෙන්නට සැලැස්සූ සේක. සේනාව ද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වා ද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වා ද පලා ගියෝ ය.