එවිට අයාගේ දුව වූ රිශ්පා ගෝණි රෙදි අරගෙන ගොස් පර්වතය පිට අතුරා ඉඳගෙන, ගොයම් කපන කාලය පටන්ගැන්මේ සිට අහසින් වැසි වසින තෙක් දවල් ආකාශයේ පක්ෂීන්ට වත්, රෑ වනයේ මෘගයන්ට වත් ඒ මළකඳන් ළඟට පැමිණෙන්නට ඉඩ නොදී සිටියා ය.
1 සාමුවෙ 17:44 - Sinhala New Revised Version 2018 ඔහු තවදුරටත් කතා කරමින්, “මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් දෙන්නෙමි”යි දාවිත්ට කීවේ ය. Sinhala New Revised Version ඔහු තවදුරටත් කතා කරමින්, “මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් දෙන්නෙමි”යි දාවිත්ට කීවේ ය. Sinhala Revised Old Version තවද පිලිස්තියයා: මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් දෙන්නෙමියි දාවිත්ට කීවේය. |
එවිට අයාගේ දුව වූ රිශ්පා ගෝණි රෙදි අරගෙන ගොස් පර්වතය පිට අතුරා ඉඳගෙන, ගොයම් කපන කාලය පටන්ගැන්මේ සිට අහසින් වැසි වසින තෙක් දවල් ආකාශයේ පක්ෂීන්ට වත්, රෑ වනයේ මෘගයන්ට වත් ඒ මළකඳන් ළඟට පැමිණෙන්නට ඉඩ නොදී සිටියා ය.
මම ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දෙන්නෙමි, ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතට මම ඔවුන් පාවා දෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරුවන්නේ ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා!
“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය.
තවද හිරු මඬලෙහි දේව දූතයෙකු සිටිනු දිටිමි. ඔහු මැද අහසේ පියාසර කරන සියලු පක්ෂීන්ට මහා හඬකින් මොරගසා:
මුර හමුදාවේ මිනිස්සු ජොනතන්ටත්, ඔහුගේ ආයුධ රැගත් තරුණයාටත් කතා කොට, “අප ළඟට පැමිණෙන්න. ඔබට යම් කාරණයක් කියන්නට අපට ඇතැ”යි කීවෝ ය. එවිට ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “මා පස්සේ එන්න, සමිඳාණන් වහන්සේ ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය.
අද දින සමිඳාණන් වහන්සේ තා මා අතට පාවා දෙන සේක; මම තට ගසා, තාගේ හිස කපා දමා, පිලිස්තිවරුන්ගේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ට ද පොළොවේ වන මෘගයන්ට ද දෙන්නෙමි. මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවි කෙනෙකුන් සිටින බව පොළොවේ සියල්ලන් ම දැනගනු ඇත.