ඔහු ද කතා කොට, “ඔව්හු සාමදානය පිණිස පැමිණියෝ නම්, පණපිටින් අල්ලාගන්න. යුද්ධය පිණිස පැමිණියෝ නම්, එසේ වුණත්, පණපිටින් අල්ලාගන්නැ”යි කීවේ ය.
1 සාමුවෙ 17:42 - Sinhala New Revised Version 2018 පිලිස්තියයා දාවිත් දුටු විට ඔහුට ගැරහුම් කෙළේ ය. මන්ද, ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද ඇති තරුණයෙකු වූ බැවිනි. Sinhala New Revised Version පිලිස්තියයා දාවිත් දුටු විට ඔහුට ගැරහුම් කෙළේ ය. මන්ද, ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද ඇති තරුණයෙකු වූ බැවිනි. Sinhala Revised Old Version පිලිස්තියයා බලා දාවිත් දුටු විට ඔහුට ගර්හාකෙළේය. මක්නිසාද ඔහු රතු පාටවූ, ශෝභමාන පෙනීමක් ඇත්තාවූ තරුණයෙක් පමණක් විය. |
ඔහු ද කතා කොට, “ඔව්හු සාමදානය පිණිස පැමිණියෝ නම්, පණපිටින් අල්ලාගන්න. යුද්ධය පිණිස පැමිණියෝ නම්, එසේ වුණත්, පණපිටින් අල්ලාගන්නැ”යි කීවේ ය.
එවිට ජෙස්සේ පණිවුඩකාරයෙකු යවා ඔහු ගෙන් වී ය. ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද දීප්තිමත් නෙත් යුවලක් ද ඇති කෙනෙකි, සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නැඟිට මොහු අභිෂේක කරන්න; මොහු ඒ තැනැත්තා ය”යි වදාළ සේක.
සාවුල් පිළිතුරු දෙමින්, “මේ පිලිස්තියයාට විරුද්ධ ව ගොස් ඔහු සමඟ සටන් කරන්නට ඔබට බැරි ය. මන්ද, ඔබ කොලු ගැටයෙකි. එහෙත්, ඔහු තරුණ වයසේ පටන් හේවායෙකු ව සිටින්නෙකැ”යි දාවිත්ට කී ය.
පිලිස්තියයා පිටත් ව අවුත් දාවිත් දෙසට ගමන් කෙළේ ය. පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුව ආවේ ය.