ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 17:40 - Sinhala New Revised Version 2018

තමාගේ සැරයටිය අතින් ගෙන, දොළෙන් සිනිඳු ගල් පහක් තෝරාගෙන, තමා ළඟ තිබුණ පසුම්බියක් වන එඬේර මල්ලේ ඒවා දමාගෙන, අතින් ගල් පටිය රැගෙන පිලිස්තියයා දෙසට යන්නට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තමාගේ සැරයටිය අතින් ගෙන, දොළෙන් සිනිඳු ගල් පහක් තෝරාගෙන, තමා ළඟ තිබුණ පසුම්බියක් වන එඬේර මල්ලේ ඒවා දමාගෙන, අතින් ගල් පටිය රැගෙන පිලිස්තියයා දෙසට යන්නට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒවා ගළවා දමා, තමාගේ සැරයටිය අතින්ගෙන, දොළෙන් සිලුටු ගල් පහක් තෝරාගෙන තමා ළඟ තිබුණු එඬේර මල්ලේ එනම් පසුම්බියේ දමාගන, අතින් ගල්පටිය අරන් පිලිස්තියයා දෙසට යන්ට ගියේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 17:40
8 හුවමාරු යොමු  

ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය.


මේ මුළු සෙනඟ අතර තෝරාගත් වමත හුරු මිනිස්සු සත්සියයක් වූ හ. ඔව්හු සියල්ලෝ ම කෙස් ගසක් පමණ වත් නොවරදා ගල් පටියකින් ගල් විදින්නට දක්ෂ අය ය.


ඒහුද්ට පසුව පැමිණියේ අනාත්ගේ පුත් ෂම්ගර් ය. ඔහු පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් හයසියයක් හරක් අංකුසයකින් මැරී ය. ඔහු ද ඉශ්රායෙල් ගැළෙවුවේ ය.


දාවිත් ඒ ඇඳුමේ සාවුල්ගේ කඩුව බැඳගෙන ඇවිදින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, ඔහුට නුපුළුවන් විය. මන්ද, ඔහු ඒවා පැළඳ පුරුදු නැති නිසා ය. එවිට දාවිත් සාවුල්ට කතා කොට, “මට මේවා ඇඳ පුරුදු නැති බැවින් මේවා ඇඳගෙන යන්නට බැරි ය”යි කියා ඒවා ගලවා දමා,


පිලිස්තියයා පිටත් ව අවුත් දාවිත් දෙසට ගමන් කෙළේ ය. පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුව ආවේ ය.