ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 17:35 - Sinhala New Revised Version 2018

මම ඌ පස්සේ ගොස්, ඌට පහර දී ඌගේ කටින් බැටළුවා ගළවාගන්නෙමි. ඌ මට කඩාපැන්න විට මම ඌ බෙල්ලෙන් අල්ලා ඌට පහර දී මරන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම ඌ පස්සේ ගොස්, ඌට පහර දී ඌගේ කටින් බැටළුවා ගළවාගන්නෙමි. ඌ මට කඩාපැන්න විට මම ඌ බෙල්ලෙන් අල්ලා ඌට පහර දී මරන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම ඌ පස්සේ ගොස් ඌට ගසා උගේ කටින් බැටළුවා ගළවාගත්තෙමි. ඌ මට විරුද්ධව නැගිට්ට විට මම ඌ රැවුලෙන් අල්ලා ඌට ගසා මැරුවෙමි.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 17:35
9 හුවමාරු යොමු  

බොහෝ වීර ක්‍රියා කළ, කබ්ශෙයෙල් ජාතිකයෙකු වූ ජෙහෝයාදාගේ පුත් බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේ ය. හිම වැටෙන දවසක දී ඔහු ගොස් වළක් ඇතුළෙහි වූ සිංහයෙකු මැරුවේ ය.


ඔබ, සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය; ඔබ කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරමින්, “එඬේරෙකු, සිංහයාගේ කටින් බැටළුවෙකුගේ කකුල් දෙක හෝ කනින් කෑල්ලක් හෝ ගළවාගන්නාක් මෙන් දෙවියන් වහන්සේ සමාරියේ වසන ඉශ්රායෙල් ජනයා ගළවාගන්න සේක. ගළවනු ලබන්නේ, ඇඳක ලී පතුරක් හෝ කෑල්ලක් හෝ වැනි, ඉතා ස්වල්ප දෙනෙක් පමණි.


දාවිත් පිළිතුරු දෙමින් සාවුල්ට මෙසේ කී ය: “ඔබේ මෙහෙකරුවා වන මා, මාගේ පියාගේ බැටළුවන් බලාගෙන සිටිය දී සිංහයෙකු හෝ වලසෙකු හෝ අවුත් රැළෙන් බැටළුවෙකු ගත්තොත්,


ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි,