ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 17:28 - Sinhala New Revised Version 2018

දාවිත් මිනිසුන්ට කතා කරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන එලියාබ් අසාගෙන සිටියේ ය. එවිට එලියාබ් දාවිත් කෙරේ කෝප වී, “ඔබ ආවේ කුමකට ද? පාළුකරයේ සිටින ඒ බැටළුවන් ස්වල්ප දෙනා ඔබ කාට භාර දී ආවෙහි ද? කපටි දඟකාර කොලුවා! ඔබ මෙහි ආවේ යුද්ධය බලන පිණිස ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් මිනිසුන්ට කතා කරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන එලියාබ් අසාගෙන සිටියේ ය. එවිට එලියාබ් දාවිත් කෙරේ කෝප වී, “ඔබ ආවේ කුමකට ද? පාළුකරයේ සිටින ඒ බැටළුවන් ස්වල්ප දෙනා ඔබ කාට භාර දී ආවෙහි ද? කපටි දඟකාර කොලුවා! ඔබ මෙහි ආවේ යුද්ධය බලන පිණිස ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු මිනිසුන්ට කථාකරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරවූ එලියාබ් අසාගෙන සිටියේය; එවිට එලියාබ් දාවිත් කෙරෙහි කෝපවී: නුඹ ආවේ මොකටද? කාන්තාරයෙහි ඉන්න ඒ බැටළුවන් ස්වල්පදෙනා නුඹ කාට භාරදී ආවාද? නුඹේ උඩඟුකමත් සිතේ මුරණ්ඩුකමත් මම දනිමි; නුඹ ආවේ යුද්ධය බලන පිණිසයයි කීවේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 17:28
15 හුවමාරු යොමු  

ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කළහ. එහෙත් ඔහුගේ පියා, ඔහු කියූ කරුණ සිතේ තබාගත්තේ ය.


ඔවුන්ගේ පියා, ඔවුන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කරන බව දැක ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළහ. එබැවින් ඔහු සමඟ මිත්‍ර ලීලාවෙන් කතා කිරීමට ඔවුන්ට නොහැකි විය.


එවිට ඔහුගේ සහෝදරයෝ, “ඇත්තට ම ඔබ අප කෙරෙහි රජකම් කරන්නට යන්නෙහි ද? සැබැවින් ම ඔබ අප කෙරෙහි අධිපති බලය පාන්න යන්නෙහි දැ”යි ඇසූ හ. එබැවින් ඔව්හු මේ සිහින නිසාත්, ඔහුගේ කියුම් නිසාත් ඔහුට තව තවත් වෛර කළහ.


තවද, රෙහොබෝවම් දාවිත්ගේ පුත් ජෙරිමොත්ගේ ද ජෙස්සේගේ පුත් එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේ ද දුව වන මහලත් භාර්යාව කොට පාවාගත්තේ ය.


අදමිටු දන නැඟී ඉදිරිපත් ව මා කිසිවක් නොදන්න අපරාධ ගැන වරද තබා සාක්කි කියති.


සොහොයුරාට අත දෙන සොහොයුරා බලකොටුවක් වැනි ය; සොහොයුරා සමඟ දබර කළොත් ඔහු ඔබට දොර වසනු ඇත.


කෝපය කුරිරු ය; ක්‍රෝධය රුදුරු ය; එහෙත් ඊර්ෂ්‍යාව ඉවසිය හැක්කේ කාට ද?


තවද, මිනිසෙකු අධික වීර්යයෙන් දක්ෂ ලෙස කටයුතු කරන්නේ, සිය අසල්වැසියා කෙරේ ඇති ඊර්ෂ්‍යාව නිසා බව මම දිටිමි. මෙය ද නිසරු කාර්යයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.


මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේ ම ගෙදර වැසියෝ ය.


එසේ ඇසුවේ, ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව පිලාත් දැන සිටි හෙයිනි.


උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, “උන් වහන්සේ සිහිවිකල් වී සිටිති”යි සමහරුන් කී බැවිනි.


එහෙත් මොවුහු තමන්ට නොතේරෙන කොයි දේටත් නින්දා කරති. සිහි කල්පනා නැති තිරිසනුන් මෙන් ඔවුන්ට සහජයෙන් ම තේරුම් යන දේ ඔවුන්ගේ විනාශයට හේතුවේ.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.


දාවිත් පිළිතුරු දෙමින්, “මම දැන් කුමක් කෙළෙම් ද? ප්‍රශ්නයක් ඇසුවා පමණක් නොවේ දැ”යි කියා,