එවිට දාවිත් බිමෙන් නැඟිට ස්නානය කොට, තෙල් ගාගෙන, තමාගේ වස්ත්‍ර මාරු කර, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වී නමස්කාර කොට, ඉන්පසු සිය නිවෙසට ආවේ ය. තවද, ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්න කියා, කෑම කෑවේ ය.
1 සාමුවෙ 15:25 - Sinhala New Revised Version 2018 එහෙත්, දැන් ඔබ මාගේ පාපයට කමා වී සමිඳාණන් වහන්සේට මා නමස්කාර කරන පිණිස මා සමඟ අව මැනවැ”යි කීවේ ය. Sinhala New Revised Version එහෙත්, දැන් ඔබ මාගේ පාපයට කමා වී සමිඳාණන් වහන්සේට මා නමස්කාර කරන පිණිස මා සමඟ අව මැනවැ”යි කීවේ ය. Sinhala Revised Old Version එහෙත් ඔබ දැන් මගේ පාපයට කමාවී, මා විසින් ස්වාමීන්වහන්සේට නමස්කාර කරන පිණිස මා සමඟ හැරී අව මැනවැයි සාමුවෙල්ට කීවේය. |
එවිට දාවිත් බිමෙන් නැඟිට ස්නානය කොට, තෙල් ගාගෙන, තමාගේ වස්ත්‍ර මාරු කර, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වී නමස්කාර කොට, ඉන්පසු සිය නිවෙසට ආවේ ය. තවද, ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්න කියා, කෑම කෑවේ ය.
දැන් ඉතින් කරුණාකර, මේ අන්තිම වතාවට මාගේ පාපයට කමා වී, මේ මාරක වසංගතය මගෙන් ඉවත් කරන ලෙස නුඹලාගේ දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.
සාමුවෙල් පිළිතුරු දෙමින්, “මම ඔබ සමඟ ආපසු නොඑමි. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කෙළෙහි ය; සමිඳාණන් වහන්සේ ද ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමින් ඔබ පහකළ සේකැ”යි සාවුල්ට කීවේ ය.