ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 15:2 - Sinhala New Revised Version 2018

සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රයෙල් සෙනඟ මිසර දේශයෙන් එන කල, මාර්ගයේ දී අමලෙක්වරුන් ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කළ නිසා මම ඔවුන්ට දඬුවම් කරමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රයෙල් සෙනඟ මිසර දේශයෙන් එන කල, මාර්ගයේ දී අමලෙක්වරුන් ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කළ නිසා මම ඔවුන්ට දඬුවම් කරමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් මිසරයෙන් එන කල අමලෙක්වරුන් ඔවුන්ට කළ දේ එනම් ඔවුන්ට විරුද්ධව මාර්ගයෙහි සිටි හැටි සිහිකරමි.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 15:2
8 හුවමාරු යොමු  

තවද, තිම්නා ඒසව්ගේ පුත්‍ර එලිපස්ගේ අනියම් බිරිඳ වූවා ය. ඇයගෙන් එලිපස්ට දාව අමලෙක් උපන්නේ ය. ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍රයෝ මොවුහු ය.


මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.


‘සමිඳාණන් වහන්සේ හඳුනාගන්න’කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත. මම ඔවුන්ගේ අපරාධ කමා කරන්නෙමි; ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


ඔවුන් කරන සියලු නපුරු දේ මා අමතක නොකරන බව ඔවුන්ගේ සිහියට නොනැඟේ. පාපයෙන් වට වී සිටින ඔවුන්ට මාගේ ඇස් හමුවෙන් සැඟවෙන්න බැරි ය.”


ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සිය නාමයෙන් දිවුරා මෙය වදාළ සේක: “ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලෙක මම අමතක නොකරමි.


එවිට බාලාම්, අමලෙක් දෙස බලා මේ අනාවැකිය පැවසී ය: “ජාතීන් අතර ප්‍රබල ජාතිය අමලෙක් ය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වේ.”