ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 14:43 - Sinhala New Revised Version 2018

“ඔබ කෙළේ කුමක් ද කියා මට කියන්නැ”යි සාවුල් ජොනතන්ට කීවේ ය. ජොනතන් පිළිතුරු දෙමින්, “මාගේ අතේ තිබුණ සැරයටියේ අගින් මී පැණි ටිකක් ගෙන මා කෑ බව සැබෑ ය. ඒ නිසා මෙන්න, මම මැරෙන්නට සූදානම් ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඔබ කෙළේ කුමක් ද කියා මට කියන්නැ”යි සාවුල් ජොනතන්ට කීවේ ය. ජොනතන් පිළිතුරු දෙමින්, “මාගේ අතේ තිබුණ සැරයටියේ අගින් මී පැණි ටිකක් ගෙන මා කෑ බව සැබෑ ය. ඒ නිසා මෙන්න, මම මැරෙන්නට සූදානම් ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹ කළේ මොකද කියා මට කියන්නැයි සාවුල් යොනාතාන්ට කීවේය. යොනාතාන් ඔහුට කියනුයේ: මාගේ අතේ තිබුණු සැරයටියේ අගින් මීපැණි ටිකක් ගෙන කෑවා සැබෑය; ඔන්න, මා නසින්ට ඕනෑයයි කීවේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 14:43
4 හුවමාරු යොමු  

ජෝෂුවා ආකාන්ට කතා කොට, “මාගේ පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගෞරවය දී උන් වහන්සේට ඇත්ත කියා, ඔබ කළ වරද මාගෙන් නොසඟවා, මට දන්වන්නැ”යි කීවේ ය.


එහෙත්, තම පියා සෙනඟගෙන් දිවුරුමක් ගෙන තිබෙන බව ජොනතන් දැන සිටියේ නැත. ඒ නිසා ඔහු තමාගේ අතේ තිබුණ සැරයටිය දිගු කොට එහි අග මී වදයක ගල්වා ඒවා අරගෙන කටට ගත්තේ ය. එයින් ඔහුට අමුතු ශක්තියක් ලැබුණේ ය.


එවිට සාවුල් කතා කරමින්, “මා සහ මාගේ පුත් ජොනතන් අතරෙන් වරදකරු කවරෙක් දැ යි බලන පිණිස දාදු දමන්නැ”යි කී ය. එසේ කළ විට ජොනතන් වරදකරු බව පෙනිණි.