ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 14:31 - Sinhala New Revised Version 2018

ඒ දවසේ දී ඉශ්රායෙල්වරු මික්මාෂ් පටන් අයාලෝන් දක්වා පිලිස්තිවරුන්ට පහර දුන්නෝ ය. සෙනඟ බොහෝ සේ විඩාවට පත් වී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ දවසේ දී ඉශ්රායෙල්වරු මික්මාෂ් පටන් අයාලෝන් දක්වා පිලිස්තිවරුන්ට පහර දුන්නෝ ය. සෙනඟ බොහෝ සේ විඩාවට පත් වී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු ඒ දවසේදී මික්මාෂ් පටන් ආයලොන් දක්වා පිලිස්තිවරුන්ට පහරදුන්නෝය. සෙනඟ ඉතා විඩාවී සිටියෝය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 14:31
5 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් සෙනඟට පාවා දුන් ඒ දවසේ දී ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේ ය: “එම්බා සූර්යය! ගිබියොන්ට ඉහළින් නොසෙල් වී සිටින්න; එම්බා චන්ද්‍රය! අයාලෝන් මිටියාවත ඉහළින් එසේ ම සිටින්න.”


ෂාලබ්බින් ද ආයාලොන් ද ඉත්ලා ද


සාවුල් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් තුන්දාහක් තෝරාගත්තේ ය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හි ද බෙතෙල් කඳුකරයේ ද සිටියෝ ය; දාහක් බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් පෙදෙස වන ගිබියාහි සිටි ජොනතන් සමඟ සිටියෝ ය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට යන්නට හැරියේ ය.


ඉදින් තමන්ගේ සතුරන්ගෙන් කොල්ලකාගත් කෑම රිසි සේ අද කෑවා නම්, තවත් කොපමණ හොඳ ද? එසේ කළා නම්, පිලිස්තිවරුන්ගෙන් තවත් බොහෝ දෙනෙකු විනාශ කරන්නට ඉඩ තිබිණි”යි කීවේ ය.


එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිට ද අනික දකුණු දෙසට ශෙබා ඉදිරිපිට ද උස් ව පිහිටියේ ය.