1 සාමුවෙ 14:26 - Sinhala New Revised Version 2018 මී පැණි වැගිරෙනවා දුටු නමුත්, ඔවුන් දී තිබුණ දිවුරුම ගැන බිය වූ බැවින් කිසිවෙකු එයින් තමාගේ කටට බිඳක් වත් ගත්තේ නැත. Sinhala New Revised Version මී පැණි වැගිරෙනවා දුටු නමුත්, ඔවුන් දී තිබුණ දිවුරුම ගැන බිය වූ බැවින් කිසිවෙකු එයින් තමාගේ කටට බිඳක් වත් ගත්තේ නැත. Sinhala Revised Old Version සෙනඟ වනයට පැමිණි විට මීපැණි වැගිරෙනවා දුටුවෝය. නුමුත් සෙනඟ දිවුරුම ගැන භයවූ බැවින් කවරෙක්වත් තමාගේ අත කටට ගත්තේ නැත. |
සියලු දේ සියල්ලන්ට එක සේ සිදු වන්නේ ය. ධර්මිෂ්ඨයාට හා දුෂ්ටයාටත්, යහපත් අයට සහ අයහපත් අයටත්, පවිත්‍ර අයට හා අපවිත්‍ර අයටත්, පූජා කරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධ වන්නේ එක ම දෙයක් වේ. පව්කාරයා හා යහපත් මනුෂ්‍යයා අතර වෙනසක් නැත. දිවුරුම් දෙන්නා සහ දිවුරුම් නොදෙන්නා අතර වෙනසක් නැත.
මෙකී ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් ඇඳ, ඉණ වටා හම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය.