ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 13:22 - Sinhala New Revised Version 2018

එබැවින් යුද්ධ දවසේ දී සාවුල්ටත්, ඔහුගේ පුත් ජොනතන්ටත් මිස ඒ දෙදෙනා සමඟ සිටි සෙනඟගෙන් කිසිවෙකු අතේ කඩුවක් වත්, හෙල්ලයක් වත් තිබුණේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එබැවින් යුද්ධ දවසේ දී සාවුල්ටත්, ඔහුගේ පුත් ජොනතන්ටත් මිස ඒ දෙදෙනා සමඟ සිටි සෙනඟගෙන් කිසිවෙකු අතේ කඩුවක් වත්, හෙල්ලයක් වත් තිබුණේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ යුද්ධ දවසේදී සාවුල්ටත් ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ටත් මිස සාවුල් සහ යොනාතාන් සමඟ සිටි සෙනඟගෙන් කිසිවෙකු අතේ කඩුවක්වත් හෙල්ලයක්වත් තිබුණේ නැත.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 13:22
7 හුවමාරු යොමු  

එකල දේව දූතයා මට කතා කරමින්, “සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: “නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය.


එහෙත් මේ අති ශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස, අප මේ වස්තුව රැස් කර තැබූ මැටි බඳුන් හා සමාන ය.


ඔවුන් අමුතු දෙවිවරුන් තෝරාගත් කල, දොරටු කරා යුද්ධය පැමිණියේ ය. ඉශ්රායෙල්හි සතළිස්දහසක් අතරේ පලිහක් වත්, හෙල්ලයක් වත් දකින්නට ලැබුණේ ද?


එහෙත්, උදලු ද දෑකැති ද හීවැල් ද පොරෝ ද මුවහත් කිරීමට රිදී කාසියකින් තුනෙන් දෙකක් ද කෙවිටි හරිගස්සන්නට රිදී කාසියකින් තුනෙන් එකක් ද ඔව්හු අය කළෝ ය.


ජය ගැනීමට සමිඳාණන් වහන්සේට කඩුවක් වත්, හෙල්ලයක් වත් වුවමනා නැති බව මුළු සමූහයා දැනගනු ඇත. සටන සමිඳාණන් වහන්සේගේ ය; උන් වහන්සේ ද ඔබ අප අතට පාවා දෙන සේකැ”යි පිලිස්තියයාට කී ය.


මෙසේ දාවිත් කඩුවක් නැති ව ගල් පටියෙන් ද ගලෙන් ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහර දී, ඔහු මැරුවේ ය.