ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 10:27 - Sinhala New Revised Version 2018

එහෙත්, සමහර දුර්ජනයන් කතා කොට, “මේ මිනිහා අප ගළවන්නේ කොහොම දැ”යි සාවුල් සුළු කොට සිතා ඔහුට කිසි තෑග්ගක් ගෙනාවේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, සමහර දුර්ජනයන් කතා කොට, “මේ මිනිහා අප ගළවන්නේ කොහොම දැ”යි සාවුල් සුළු කොට සිතා ඔහුට කිසි තෑග්ගක් ගෙනාවේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් සමහර දුර්ජනයෝ කථාකොට: මේ මනුෂ්‍යයා අප ගළවන්නේ කොහොමදැයි කියා ඔහු සුළුකොට සිතා ඔහුට කිසි තෑග්ගක් නොගෙනාවෝය. නුමුත් ඔහු නිශ්ශබ්දව සිටියේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 10:27
21 හුවමාරු යොමු  

බෙන්ජමින් ජාතිකයෙකු වන බික්‍රිගේ පුත් ෂෙබා නම් දුර්ජන මිනිසෙක් එහි සිටියේ ය. ඔහු හොරණෑව පිඹ, මොරගසා, “දාවිත් සමඟ ගනුදෙනු අපට නැත, ජෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් අපට නැත; ඉශ්රායෙල්වරුනි, එකිනෙකා තම තමාගේ කූඩාරම්වලට යේවා”යි කී ය.


ඔහු මෝවබ්වරුන්ටත් පහර දී, ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා ලණුවකින් මැන්නේ ය. මරණයට පත් කිරීමට පේළි දෙකක් ද ඉතුරු කරන පිණිස එක සම්පූර්ණ පේළියක් ද මැන වෙන් කෙළේ ය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ.


ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමන්ගේ තෑගි වන රිදී භාජන, රන් භාජන, වස්ත්‍ර, යුද්ධායුධ, සුවඳ ද්‍රව්‍ය, අශ්වයන් හා කොටළුවන් ගෙනාවෝ‍ ය.


සලමොන් රජ වනාහි යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ දේශ සීමාව දක්වා සියලු රාජ්‍යයන් ආණ්ඩු කෙළේ ය. ඔව්හු කප්පම් ගෙනවුත් දී සලමොන් රජුගේ මුළු කාලය තුළ ඔහුට සේවය කළෝ ය.


සලමොන් ඔහුගේ පිය රජුට පසු ව රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව තීර්හි රජ වූ හීරාම් අසා තමාගේ තානාපතීන් ඔහු වෙත එව්වේ ය. මන්ද, හීරාම් නිතර ම දාවිත් රජුගේ හිතමිතුරෙක් විය.


කමකට නැති දුර්ජන මනුෂ්‍යයෝ ඔහුට එකතු ව ඔවුන්ගේ කැමැත්ත කිරීමට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට විරුද්ධ ව ඔහු තදින් පෙළඹ වූ හ. ඔහු වයසින් බාල ව, සිතින් මෘදු ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්න ඔහුට බැරි විය.


එබැවින් සමිඳාණන් වහන්සේ ඔහු යටතේ රාජ්‍යය ස්ථිර කළ සේක. සියලු ජුදාවරු ජෙහෝෂාපාට්ට තෑගි ගෙනාහ. වස්තුව ද ගෞරවය ද ඔහුට බොහෝ සෙයින් තිබිණි.


බිහිරෙකුට මෙන් මට ඇසෙන්නේ නැත; ගොළුවෙකුට මෙන් මට කතා ශක්තිය නැත.


තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;


මිනිසුන් කරන හැම දෙයට ම ඔබේ සිත යොමු නොකරන්න. එසේ කළොත් සමහර විට ඔබේ වැඩකරුවා ඔබට දොස් තබන බව ඔබ අසනු ඇත.


හෙසකියා රජු ‘පිළිතුරු නොදෙන්නැ’යි අණකළ පරිදි සෙනඟ නිශ්ශබ්ද ව සිට කිසි පිළිතුරක් නුදුන්නෝ ය.


ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ.


“අප කෙරෙහි අධිපතියෙකු හා විනිශ්චයකාරයෙකු ලෙස පත් කරන ලද්දේත්, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේත් මේ මෝසෙස් ය. එහෙත් පඳුරෙහි දර්ශනය වූ දේව දූතයා මඟින් අධිපතියෙකු හා මිදුම්කාරයෙකු ද වන පිණිස දෙවියන් වහන්සේ විසින් යවන ලද්දේත් මොහු ම ය.


ඔබ අතර වසන, අධම මිනිසුන් කීප දෙනෙක් පිටත් ව ගොස් ඒ නගරවාසීන් අමතා, ‘ඔබ නොදත් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කියා ඔවුන් නොමඟ හැරිය බව ඔබට අසන්නට ලැබුණොත්,


එවිට සෙනඟ සාමුවෙල්ට කතා කොට, “සාවුල් අපේ රජු නොවිය යුතුය යි කී සෙනඟ කවුරු ද? ඒ අය අපට භාර දෙන්න; අපි ඔවුන් මරන්නෙමු”යි කීවෝ ය.


එවිට සාවුල් සෙනඟ අමතා, “අද දවසේ දී සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගළවාගත් නිසා කිසිවෙකු මේ දවසේ දී මරණයට පත් නොකළ යුතු ය”යි කීවේ ය.


එවිට ජෙස්සේ රොටි ද මිදියුස භාජනයක් ද කොටළුවෙකු පිට පටවා එළු පැටවෙකු සමඟ ඒවා තමාගේ පුත් දාවිත් අත සාවුල්ට යැව්වේ ය.


ඒලීගේ පුත්‍රයෝ දුර්ජනයෝ වූ හ. ඔවුන් සමිඳාණන් වහන්සේ ගැන කිසිත් සැලකුවේ නැත.


ඒ නිසා දැන් ඔබ ඒ කරුණු දැනගෙන කුමක් කටයුතු දැ යි කල්පනා කළ මැනව. මන්ද, අපේ ස්වාමියාටත්, ඔහුගේ මුළු පවුලටත් විරුද්ධ ව අනතුරක් කිරීමට නියම කර ඇත. අපේ ස්වාමියා කොතරම් දුර්ජනයෙක් ද කීවොත්, ඔහු සමඟ කිසිවෙකුට කතා කරන්නට නොහැකි ය.”