ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 10:24 - Sinhala New Revised Version 2018

සාමුවෙල් මුළු සෙනඟට කතා කොට, “මෙන්න, සමිඳාණන් වහන්සේ තෝරාගත් තැනැත්තා, ඔහුට සමාන අන් කිසිවෙකු සෙනඟ අතරේ නැති බව ඔබට නොපෙනේ දැ”යි කී ය. එවිට සියලු ජනයා, “මහ රජතුමා සැරදේ වා!” කියා මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සාමුවෙල් මුළු සෙනඟට කතා කොට, “මෙන්න, සමිඳාණන් වහන්සේ තෝරාගත් තැනැත්තා, ඔහුට සමාන අන් කිසිවෙකු සෙනඟ අතරේ නැති බව ඔබට නොපෙනේ දැ”යි කී ය. එවිට සියලු ජනයා, “මහ රජතුමා සැරදේ වා!” කියා මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සාමුවෙල් මුළු සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේ තෝරාගත් තැනැත්තාට සමාන කෙනෙක් මුළු සෙනඟ අතරේ නැති බව නුඹලාට පෙනෙනවාදැයි කීවේය. මුළු සෙනඟද රජු සැරදේවා කියා මොරගැසූහ.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 10:24
14 හුවමාරු යොමු  

තවද, දාවිත්ගේ මිතුරා වන අර්කීය ජාතික හූෂයි අබ්සලොම් ළඟට පැමිණි විට, “රජු සැරදේ වා!, සැරදේ වා!”යි කීවේ ය.


ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.


එසේ නොකළොත්, මාගේ ස්වාමීන් වන රජතුමා මියගිය පසු මා ද මාගේ පුත්‍ර සලමොන් ද වරදකාරයන් වනු ඇතැ”යි කීවා ය.


මන්ද, ඔහු අද ගොස් හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ‍ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද ඔබේ හමුදා සෙන්පති ජෝවාබ් ද පූජක අබියාතර් ද කැඳෙව්වේ ය. ඔව්හු ඔහු ඉදිරියෙහි ආහාර පාන වළඳා, ‘අදොනියා රජු සැරදේ’ කියා කියති.


එහි දී ශාදොක් පූජකවරයා සහ නාතාන් දිවැසිවරයා ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කොට අභිෂේක කරත් වා. ඔබ ද හොරණෑව පිඹ ‘සලමොන් රජ තෙම සැරදේ වා’යි කියන්න.


ශාදොක් පූජකවරයා මණ්ඩපයෙන් තෙල් කුලාව රැගෙන ගොස් සලමොන් අභිෂේක කෙළේ ය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝ ය. මුළු සෙනඟ ද, “සලමොන් රජු සැරදේ වා”යි කීවෝ‍ ය.


එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔහුගේ හිස පිට ඔටුන්න තබා ව්‍යවස්ථාව ඔහුට දුන්නේ ය. ඔව්හු රජකමට ඔහු අභිෂේක කොට අත්පොළසන් දී, “රජතුමා සැරදේ වා”යි කීවෝ ය.


ඉන්පසු ඔව්හු රජ කුමාරයා පිටතට ගෙනවුත්, ඔහු මත්තෙහි ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දී, ඔහු රජකමට පත් කළෝ ය. ජෙහෝයාදා ද ඔහුගේ පුත්‍රයෝ ද ඔහු අභිෂේක කොට, “මහ රජ සැරදේවා” කියා හඬ නැඟුවහු ය.


පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා! සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට, ආසිරි වේ වා! ඉතා උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූ හ.


දෙවි සමිඳාණන් වහන්සේ තෝරන තැනැත්තා ඔබේ රජු වශයෙන් පත් කිරීමට ඔබ තරයේ සිතට ගත යුතු ය. ඔබේ ජාතියෙන් කෙනෙකු රජු වශයෙන් පත්කළ යුතු ය. ඔබේ ජාතියට අයිති නැති විදේශිකයෙකු ඔබේ රජු වශයෙන් පත් නොකළ යුතු ය.


සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ.


සාමුවෙල් මුළු ඉශ්රායෙල් සෙනඟට මෙසේ කීවේ ය; “මෙන්න, ඔබ හැම මාගෙන් ඉල්ලූ සියලු දේට මම සවන් දී ඔබ කෙරෙහි රජෙකු පත් කෙළෙමි.


“මෙන්න, ඔබ තෝරාගත්, ඔබ ඉල්ලූ රජතුමා දෙස බලන්න. සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි රජ කෙනෙකු පත් කළ සේක.


ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය.