ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 1:24 - Sinhala New Revised Version 2018

දරුවා කිරි වැරූ පසු, හන්නා තුන් අවුරුදු වස්සෙකු ද පිටි කිලෝග්‍රෑම් දහයක් ද මිදියුස බඳුනක් ද අරගෙන දරුවා ගෙන ගොස් ෂිලෝහි තිබුණු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමුණුණා ය. එකල ඔහු කුඩා දරුවෙකු ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දරුවා කිරි වැරූ පසු, හන්නා තුන් අවුරුදු වස්සෙකු ද පිටි කිලෝග්‍රෑම් දහයක් ද මිදියුස බඳුනක් ද අරගෙන දරුවා ගෙන ගොස් ෂිලෝහි තිබුණු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමුණුණා ය. එකල ඔහු කුඩා දරුවෙකු ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු කිරිවැරූ කල ඈ ගොස් ගොන් තුන්දෙනෙක්ද පිටි ඒඵාවක්ද මුද්‍රිකපාන භාජනයක්ද ඇතුව ඔහු ගෙනගොස් ෂීලෝහි තිබුණු ස්වාමීන්වහන්සේගේ ගෘහයට පැමුණුණාය. ළමයා බාලව සිටියේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 1:24
9 හුවමාරු යොමු  

දරුවා වැඩී කිරි වැරුවේ ය. කිරි වැරූ දිනයෙහි ආබ්‍රහම් මංගල්‍යයක් පැවැත්විය.


තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුගෙන් ගෙනුබත් නම් පුත්‍රයා ලැබුවා ය. තාපෙනෙස් පාරාවෝ‍ගේ මාලිගාවේ දී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත් පාරාවෝ‍ගේ මාලිගාවෙහි පාරාවෝ‍ගේ පුත්‍රයන් අතර ජීවත් විය.


උන් වහන්සේ තවත් උපමාවක් වදාරමින්, “ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් සහමුලින් ම පිපෙන තුරු එහි දමන ලද මුහුන් පිඩකට ස්වර්ග රාජ්‍යය සමාන ය”යි කී සේක.


තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.


“දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් පූප මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය.


ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය.