දාවිත් තද ආසාවෙන් සුසුම්ලමින්, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කෙනෙකු මට බොන්නට වතුර ගෙනවුත් දුන්නොත් කොපමණ හොඳ ද” කියා කීවේ ය.
1 ලේකම් 9:15 - Sinhala New Revised Version 2018 බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත් ශික්රීගේ පුත්‍රයා වන මීකාගේ පුත් මත්තනියා ය; Sinhala New Revised Version බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත් ශික්රීගේ පුත්‍රයා වන මීකාගේ පුත් මත්තනියා ය; Sinhala Revised Old Version බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත්‍රවූ සික්රිගේ පුත්‍රයා වන මීකාගේ පුත්‍රවූ මත්තනියාය; |
දාවිත් තද ආසාවෙන් සුසුම්ලමින්, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කෙනෙකු මට බොන්නට වතුර ගෙනවුත් දුන්නොත් කොපමණ හොඳ ද” කියා කීවේ ය.
ආසාප්ගේ පුත්‍රයන්ගෙන් ශක්කුර් ද ජෝසෙප් ද නෙතනියා ද අසිරේලා ද යන ආසාප්ගේ පුත්‍රයෝ ය. මොවුහු රජුගේ අණ ලෙස ධර්ම වාක්‍ය ගායනා කළා වූ ආසාප් යටතේ සිටියෝ ය.
ඔහුගේ පුත්‍රයා තහත් ය; ඔහුගේ පුත්‍රයා උරියෙල් ය; ඔහුගේ පුත්‍රයා උශ්ශියා ය; ඔහුගේ පුත්‍රයා ෂාවුල් ය.
ලෙවීවරු නම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අශ්රිකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ය;
ජෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත් ෂෙමෙයියාගේ පුත්‍රයා වන ඔබදියා ය; නෙටෝපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත් බෙරෙකියා ය.
යාච්ඤාවේ දී ස්තුති දීම පටන්ගැනීමට ප්‍රධානියා ව සිටි ආසාප්ගේ පුත්‍රයා වන ශබ්දීගේ පුත් මීකාගේ පුත්‍රයා වන මත්තනියා ද ඔහුගේ සහෝදරයන් අතරේ දෙවැන්නා වන බක්බුකියා ද ජෙදුතුන්ගේ පුත් ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත් අබ්දා ද යන මොවුහු ය.
ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය.