ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 8:6 - Sinhala New Revised Version 2018

ඒහුද්ගේ පුත්‍රයෝ ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. මොවුහු මානහත්හි විප්‍රවාසයට ගෙන යන ලදහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒහුද්ගේ පුත්‍රයෝ ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. මොවුහු මානහත්හි විප්‍රවාසයට ගෙන යන ලදහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒහුද්ගේ පුත්‍රයෝ මොව්හුය. මොව්හු ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝය, මොව්හු ඔවුන් මානහත්ට ගෙන ගියෝය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 8:6
11 හුවමාරු යොමු  

බෙන්ජමින්ගේ පුත්‍රයන් වන බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආරද් ය;


හෙශ්රොන්ගේ කුලුඳුලා වූ ජෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියා ය.


කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්ට පුත්‍රයෝ සිටියෝ ය. එනම්; හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක් ය.


සල්මාගේ පුත්‍රයෝ නම්: බෙත්ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අටාරොත්බෙත්-ජෝවාබ්වරු, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත් ය.


බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය.


ජෙදීයයෙල්ගේ පුත්‍රයා නම්: බිල්හන් ය. බිල්හන්ගේ පුත්‍රයෝ නම්: ජෙවුෂ්, බෙන්ජමින්, ඒහුද්, කෙනානා, ශේතාන්, තර්ෂිෂ් සහ අහිෂාහර් ය.


ගේරා, ෂෙපුපාන් සහ හූරාම් ය.


මොවුහු නම් නාමාන්, අහියා සහ ගේරා ය. ඔව්හු විප්‍රවාසයට ගෙන යන ලද්දේ ගේරා විසිනි. මොහුට දාව උශ්ශා ද අහිහුද් ද උපන්නෝ ය.


බෙන්ජමින් ගෝත්‍රයෙන් ගිබියොන් සහ ඒ අවට තණ බිම් ද ගෙබා සහ ඒ අවට තණ බිම් ද


ඒහුද්ගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය.