1 ලේකම් 7:27 - Sinhala New Revised Version 2018 ඔහුගේ පුත්‍රයා නූන් ය; ඔහුගේ පුත්‍රයා ජෝෂුවා ය. Sinhala New Revised Version ඔහුගේ පුත්‍රයා නූන් ය; ඔහුගේ පුත්‍රයා ජෝෂුවා ය. Sinhala Revised Old Version ඔහුගේ පුත්‍රයා නූන්ය, ඔහුගේ පුත්‍රයා යෝෂුවාය. |
එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත්, ජෝෂුවා කතා කොට, “මා පිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නැ”යි ඉල්ලී ය.
ඉහත දැක්වූයේ මෝසෙස් කානාන් රටට යැවූ චරපුරුෂයන්ගේ නාමාවලිය යි. තවද, ඔහු නූන්ගේ පුත් හෝෂෙයාගේ නම වෙනස් කොට ඔහුට ජෝෂුවා යි යන නම තැබී ය.
රටේ ඔත්තු සොයා ගියවුන් අතර නූන්ගේ පුත් ජෝෂුවා ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද දුකින් තම වස්ත්‍ර ඉරාගත්හ.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක: “නූන්ගේ පුත්‍ර වූ, දක්ෂ කෙනෙකු වන ජෝෂුවා කැඳවා, ඔහු මත නුඹේ අත් තබන්න.
අපගේ පියවරු ජෝෂුවා හා සමඟ, දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ දේශය අයිති කරගත් අවස්ථාවේදීත්, ඔවුන් ලබාගත් මේ කූඩාරම ද ගෙන ගොස් දාවිත්ගේ කාලය දක්වා තබාගත්හ.
සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවාට කතා කරමින්, “ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න වන්න. මා ඔවුන්ට දිවුළ දේශයට ඔබ ඉශ්රායෙල් ජනතාව ගෙන යන්නෙහි ය. මම ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.
මන්ද, ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම්, ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන් වහන්සේ කතා කරන්නේ නැත.