1 ලේකම් 6:61 - Sinhala New Revised Version 2018 කොහාත්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය. Sinhala New Revised Version කොහාත්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය. Sinhala Revised Old Version කොහාත්ගේ අනික් පුත්‍රයන්ට [එප්‍රායිම්] ගෝත්‍රයේ පවුල්වලින්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේය. |
එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොවුහු ය: කොහාත් පරපුරෙන් ගායනාකාර හේමන් ය. ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු සාමුවෙල්ගේ පුත්‍රයා ය;
බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය.
ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට තමන්ගේ පවුල් ප්‍රකාරයට ඉස්සාකර් ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද නප්තලී ගෝත්‍රයෙන් ද බාෂාන්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහතුනක් ලැබුණේ ය.