1 ලේකම් 6:48 - Sinhala New Revised Version 2018 ඔවුන්ගේ සහෝදරයන් වූ ලෙවීවරු දෙවියන් වහන්සේගේ මාලිගාව වන මණ්ඩපයේ මුළු මෙහෙයට පත් වී සිටියෝ ය. Sinhala New Revised Version ඔවුන්ගේ සහෝදරයන් වූ ලෙවීවරු දෙවියන් වහන්සේගේ මාලිගාව වන මණ්ඩපයේ මුළු මෙහෙයට පත් වී සිටියෝ ය. Sinhala Revised Old Version ඔවුන්ගේ සහෝදරයෝවූ ලෙවීවරු දෙවියන්වහන්සේගේ ගෘහය වන මණ්ඩපයේ මුළු මෙහෙයට පත්වී සිටියෝය. |
ඔහු මාලීගේ පුත්‍රයා ය; ඔහු මුෂීගේ පුත්‍රයා ය; ඔහු මෙරාරීගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය.
එහෙත්, ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද දෙවියන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් අණ කරන ලද සියල්ල ලෙස දවන යාග පූජා පුදන පූජාසනයත්, දුම් පූජාසනයත් පිට ඔප්පු කරන්නට ද අතිශුද්ධස්ථානයේ මුළු මෙහෙය කරන්නට ද ඉශ්රායෙල්වරුන්ගේ පව් උදෙසා සහභාගිවීමේ පූජා ඔප්පු කරන්නට ද නියම වී සිටියෝ ය.
ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට තමන්ගේ පවුල් ප්‍රකාරයට ඉස්සාකර් ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද නප්තලී ගෝත්‍රයෙන් ද බාෂාන්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහතුනක් ලැබුණේ ය.
අනික් ලෙවීවරුන් වන මෙරාරීගේ ගෝත්‍රයන්ගේ පවුල්වලට සාබුලොන් ගෝත්‍රයෙන් ජොක්නෙයාම් සහ ඒ අවට තණ බිම් ද