ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය.
1 ලේකම් 6:31 - Sinhala New Revised Version 2018 ගිවිසුම් කරඬුව පිහිටෙවු විට සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත් කරනු ලැබුවෝ මොවුහු ය. Sinhala New Revised Version ගිවිසුම් කරඬුව පිහිටෙවු විට සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත් කරනු ලැබුවෝ මොවුහු ය. Sinhala Revised Old Version ගිවිසුම් පෙට්ටිය පිහිටෙවුවායින් පසු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත්කරනු ලැබුවෝ මොව්හුය. |
ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය.
තවද, ඔව්හු කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද මණ්ඩපයෙහි තිබුණු සියලු ශුද්ධ බඩු ද ගෙනාවෝ ය. මෙලෙස පූජකවරු සහ ලෙවීවරු ඒවා ගෙනාහ.
දාවිත් තමා උදෙසා ම දාවිත්ගේ නුවර ගොඩනැඟිලි සාදාගත්තේ ය. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ස්ථානයක් පිළියෙළ කොට ඊට කූඩාරමක් පිහිටෙව්වේ ය.
මෙසේ දාවිත් හා සියලු ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද සහශ්‍රාධිපතීහු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ ගෙදරින් ගෙනෙන පිණිස ප්‍රීතියෙන් ගියෝ ය.
දාවිත් ද ගිවිසුම් කරඬුව උසුලාගත් සියලු ලෙවීවරු ද ගායකයෝ ද ගායකයන් අතරේ ගායනා කිරීමට ප්‍රධානියා ව සිටි කෙනනියා ද සිහින් හණ සළු ඇඳගෙන සිටියහ. දාවිත් හණ ඒපොද් සැට්ටයක් පැළඳගෙන සිටියේ ය.
ඔහුගේ පුත්‍රයා උශ්ශා ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයා ය; ඔහුගේ පුත්‍රයා හග්ගියා ය; ඔහුගේ පුත්‍රයා අසායා ය.
සලමොන් ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන තුරු ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ගීතිකා මෙහෙය පවත්වමින් තමන්ගේ කාණ්ඩ පරිද්දෙන් තමන්ගේ තනතුරෙහි යෙදී සිටියෝ ය.
මොවුහු ගීතිකාකාරයන් ව ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ඇතුළු ගෙවල වාසය කළෝ ය. රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොවුහු අනික් මෙහෙයන්වලින් නිදහස් ව සිටියෝ ය.
ගොඩනඟන අය සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දැමූ කල, ඉශ්රායෙල්හි රජ වූ දාවිත් නියම කළ අන්දමට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇති ව ද ආසාප්ගේ පුත්‍රයන් වන ලෙවීවරු අත්තල් ඇති ව ද ඉදිරියට ආහ.
සමිඳුනි, නැඟිට ඔබේ බල මහිමයේ සංකේතය වන ගිවිසුම් කරඬුව ඇති ව, ඔබේ විශ්‍රාම ස්ථානයට වැඩිය මැනව.
ඉක්බිති ඔහු මා පිටතින් ඇතුළු මළුවට කැඳෙව්වේ ය; ඇතුළු දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුළු මළුවේ ගී ගයන්නන්ගේ කාමර දෙකක් තිබුණේ ය. ඒවා එකක් දකුණු දෙසට විය. අනික පෙරදිග දොර ළඟ උතුරු දිගට විය.