පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.
1 ලේකම් 4:28 - Sinhala New Revised Version 2018 ඔව්හු බෙයර්-ෂෙබාහි ද මොලාදාහි ද හශර්-ෂුවාල්හි ද; Sinhala New Revised Version ඔව්හු බෙයර්-ෂෙබාහි ද මොලාදාහි ද හශර්-ෂුවාල්හි ද; Sinhala Revised Old Version ඔව්හු බෙයෙර්-ෂෙබාහිද මොලාදාහිද හශර්-ෂුවාල්හිද; |
පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.
ෂිමෙයිට පුත්‍රයෝ දහසයදෙනෙක් ද, දූවරු හයදෙනෙක් ද සිටියෝ ය. එහෙත්, ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝ ය. ඔවුන්ගේ මුළු වංශය ජුදා පුත්‍රයන් මෙන් වැඩි නො වී ය.
දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා ජුදා ජනයාගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුර වූ නගර නම්: කබ්ශෙයෙල් ද ඒදෙර් ද ජාගුර් ද
දෙ වන කොටස සිමියොන්ට, එනම්, සිමියොන්ගේ පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමය ජුදා පරපුරේ උරුමය ඇතුළත තිබුණේ ය.
සිමියොන් පරපුරේ උරුමය ජුදාගේ පරපුරේ කොට්ඨාශයෙන් ගන්නට යෙදුණේ ය. මන්ද, ජුදා පරපුරේ කොටස ඔවුන්ට පමණට වඩා විශාල ව තිබුණේ ය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පරපුරට උරුමයක් තිබුණේ ය.