ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 27:23 - Sinhala New Revised Version 2018

එහෙත්, “අහසේ තාරකා මෙන් ඉශ්රායෙල්වරුන් වැඩි කරන්නෙමි”යි සමිඳාණන් වහන්සේ කියා තිබුණ නිසා විසි අවුරුදු වයසේ පටන් ඊට බාල වූ තැනැත්තන් දාවිත් ගණන් කෙළේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, “අහසේ තාරකා මෙන් ඉශ්රායෙල්වරුන් වැඩි කරන්නෙමි”යි සමිඳාණන් වහන්සේ කියා තිබුණ නිසා විසි අවුරුදු වයසේ පටන් ඊට බාල වූ තැනැත්තන් දාවිත් ගණන් කෙළේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත්: අහසේ තාරකාමෙන් ඉශ්‍රායෙල්වරුන් වැඩිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියා තිබුණු නිසා විසි අවුරුදු වයසේ පටන් ඊට බාලවූ තැනැත්තන් දාවිත් ගණන්කළේ නැත.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 27:23
7 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ද ඔහු පිටතට රැගෙන ගොස්, “අහස දෙස බලා, හැකි නම්, ඔය තාරකා ගණන් කරන්න; නුඹේ දරු පරපුර එසේ ම වන්නේ ය”යි වදාළ සේක.


මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.


අහසේ තරු මෙන්, ඔබ පෙළපත මම වැඩි කරමි. මේ මුළු රට ඔබේ පෙළපතට මම දෙමි. මිහි පිට සියලු ජාතීහු, ඔබ මඟින්, තමන්ට ආශීර්වාද කරගන්නාහ.


සමිඳාණන් වහන්සේගේ උදහස යළිත් ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව දාවිත් පොළඹවමින්, “නුඹ ගොස්, ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද ගණන් කරන්නැ”යි ඔහුට වදාළ සේක.


දෙ වන මාසයේ පළමු වන දින මුළු සෙනඟ රැස් කළහ. එවිට අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් ම තම තමන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද ලියාපදිංචි කරන ලදුව, වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම, ලේඛනගත කරන ලදී.


එහෙයින් මළ කෙනෙකු වැනි තැනැත්තෙකුගෙන් පවා, ගණනින් අහසේ තරු මෙන් ද, මුහුදු වෙරළේ අසංබ්‍ය වැලි ඇට මෙන් ද වූ විශාල පරපුරක් ඇති විය.