එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය.
1 ලේකම් 26:8 - Sinhala New Revised Version 2018 මොවුහු සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ ය. ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද සේවයට බලවන්ත ව, ශක්තිමත් ව සිටියෝ ය. මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝ ය. Sinhala New Revised Version මොවුහු සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ ය. ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද සේවයට බලවන්ත ව, ශක්තිමත් ව සිටියෝ ය. මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝ ය. Sinhala Revised Old Version මොවුන් සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝය. ඔව්හුද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද සේවයට බලවන්තව ශක්තිමත්ව සිටියෝය; මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝය. |
එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය.
ෂෙමායාගේ පුත්‍රයන් ඔත්නී, රෙපායෙල්, ඕබෙද් සහ එල්ශාබාද් ය. ඔහුගේ සහෝදරයන් වන බලවන්ත මනුෂ්‍යයන් එලීහු සහ සෙමාකියා ය.
ඔහු එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට රිදී කාසි පන්දාහක් ද තව කෙනෙකුට දෙදාහක් ද, තව කෙනෙකුට එක් දාහක් ද බැගින් දී, තමා යන ගමන ගියේ ය.
අලුත් ගිවිසුමේ සේවකයන් වීමේ හැකියාව දුන්නේ උන් වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත නීතියෙන් නොව ශුද්ධාත්මයාණන්ගෙනි. ලිඛිත නීතිය මරණය ගෙන දෙයි. ශුද්ධාත්මයාණෝ ජීවනය ගෙන දෙති.
යමෙක් දේශනා කරන්නේ නම් දේව වචනය දේශනා කෙරේ වා! යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ශක්තිය අනුව ඔහු සේවය කරා වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට සියලු කාරණාවල දී ගෞරව පැමිණෙන පිණිස එසේ කළ යුතු ය. මහිමයත්, පරාක්‍රමයත් සදහට ම උන් වහන්සේගේ ය. ආමෙන්.