එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය.
1 ලේකම් 26:4 - Sinhala New Revised Version 2018 ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ෂෙමායා ය; දෙවැනියා වූ ජෙහෝශාබාද් ය; තුන්වැනියා වූ ජෝවා ය; හතරවැනියා වූ සාකාර් ය; පස්වැනියා වූ නෙතනේල් ය; Sinhala New Revised Version ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ෂෙමායා ය; දෙවැනියා වූ ජෙහෝශාබාද් ය; තුන්වැනියා වූ ජෝවා ය; හතරවැනියා වූ සාකාර් ය; පස්වැනියා වූ නෙතනේල් ය; Sinhala Revised Old Version ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ වන කුලුඳුලාවූ ෂෙමායාය, දෙවෙනියාවූ යෙහෝසාබාද්ය, තුන්වෙනියාවූ යෝවාය, හතරවෙනියාවූ සාකාර්ය, පස්වෙනියාවූ නෙතනේල්ය; |
එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය.
සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසේ තුන් මාසයක් තිබුණේ ය. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළ සේක.
දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගත ව ගෙනාවේ ය.
එසේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ පවුල සමඟ ඔවුන්ගේ ගෙයි තුන් මාසයක් තිබිණි. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ගේ ගෙදරටත්, ඔහු සන්තක සියල්ලටත් ආශීර්වාද කළ සේක.
ඔවුන් සමඟ දොරටු පාලකයන් කොට තමන්ගේ බාල සහෝදරයන් වන ශෙකරියා ද බෙන් ද ජයසීයෙල් ද ෂෙමිරාමොත් ද ජෙයීයෙල් ද උන්නී ද එලියාබ් ද බෙනායා ද මයසේයා ද මත්තිතියා ද එලීපෙලේහු ද මික්නේයා ද ඕබෙද්-ඒදොම් ද ජෙයීයෙල් ද පත් කළෝ ය.
මත්තිතියා ද එලීපෙලේහු ද මික්නේයා ද ඕබෙද්-ඒදොම් ද ජෙයීයෙල් ද අශශියා ද ෂෙමිනිත් නම් මහා වීණාවලින් උච්චස්වර මහා ශබ්ද පැවැත්වීමටත් නියම කළෝ ය.
පූජකයන් වූ ෂෙබනියා ද ජෝෂාපාට් ද නෙතනේල් ද අමාසයි ද ශෙකරියා ද බෙනායා ද එලියෙසෙර් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පෙරටුවෙන් නළා පිම්බෝ ය. ඕබෙද්-ඒදොම් ද ජෙහියා ද ගිවිසුම් කරඬුව උදෙසා දොරටු පාලකයන් ව සිටියෝ ය.
ඕබෙද්-ඒදොම් ද ඔවුන්ගේ සහෝදරයන් හැටඅටදෙනෙකු ද සිටෙව්වේ ය. ජෙදුතුන්ගේ පුත් ඕබෙද්-ඒදොම් ද හෝසා ද දොරටු පාලයන් කොට නියම කෙළේ ය.
ඒ අයගේ ප්‍රධානියා ආසාප් ය. ඔහු ළඟට ශෙකරියා, ජෙයීයෙල්, ෂෙමිරාමොත්, ජෙහියෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ ජෙයීයෙල් ය. මොවුහු වීණාවලින් ද මහා වීණාවලින් ද ගායනා කළහ. එහෙත්, ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්වී ය.
හයවැනියා වූ අම්මීයෙල් ය; හත්වැනියා වූ ඉස්සාකර් ය; අටවැනියා වූ පෙයුල්ලෙතයි ය. මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.