1 ලේකම් 26:30 - Sinhala New Revised Version 2018 හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියා ද ඔහුගේ සහෝදරයෝ ද යන බලවන්තයෝ එක්දහස් හත්සියයක් බස්නාහිර දිශාවේ ජොර්දාන් ගඟින් මෙගොඩ සමිඳාණන් වහන්සේ සම්බන්ධ දේ ගැන ද රජුගේ වැඩ ගැන ද ඉශ්රායෙල්වරුන් පාලනය කිරීමට පත් ව සිටියෝ ය. Sinhala New Revised Version හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියා ද ඔහුගේ සහෝදරයෝ ද යන බලවන්තයෝ එක්දහස් හත්සියයක් බස්නාහිර දිශාවේ ජොර්දාන් ගඟින් මෙගොඩ සමිඳාණන් වහන්සේ සම්බන්ධ දේ ගැන ද රජුගේ වැඩ ගැන ද ඉශ්රායෙල්වරුන් පාලනය කිරීමට පත් ව සිටියෝ ය. Sinhala Revised Old Version හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියාද ඔහුගේ සහෝදරයෝද යන බලවන්තයන් එක්දහස් හත්සියයක් බස්නාහිර දිසාවේ යොර්දානෙන් මෙගොඩ ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැනද රජුගේ වැඩ ගැනද ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි පත්ව සිටියෝය. |
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ජෙරියා ය, දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; හතරවැනියා වූ ජෙකමෙයාම් ය.
මෙන්න, සමිඳාණන් වහන්සේගේ සියලු කටයුතු ගැන උත්තම පූජක වන අමරියා ද, රජුගේ සියලු කටයුතු ගැන ජුදා වංශයේ අධිපතියා වන ඉෂ්මායෙල්ගේ පුත් සෙබදියා ද ඔබ හැමගේ ප්‍රධානියෝ ය. ලෙවීවරු ද ඔබ ඉදිරියෙහි නිලධාරීහු වෙති. ධෛර්යවත් ව ක්‍රියා කරන්න. උපදෙස් පිළිපදින්න. සමිඳාණන් වහන්සේ ඔබට යහපත සලසන සේක් වා!”යි කීවේ ය.
කොහාත්ගේ පවුල්වලට අයිති වූවෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල්ගේ පවුල්වල අය වෙත්.