ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 26:20 - Sinhala New Revised Version 2018

අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා සහ කැප කළ දේවල ගබඩා කෙරෙහි පත් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා සහ කැප කළ දේවල ගබඩා කෙරෙහි පත් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා සහ කැපකරපු දේවල ගබඩා කෙරෙහි පත්ව සිටියේය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 26:20
21 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වස්තු ද රජ මාලිගාවෙහි වස්තු ද රැගෙන ගියේ ය. සලමොන් විසින් සාදවනු ලැබ තිබුණු සියලු රන් පලිස් ඇතුළු සියල්ල ම රැගෙන ඔහු යන්න ගියේ ය.


එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්‍-හදද්ට ඒවා යවමින්,


මෙලෙස සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කරවන ලද වැඩ සියල්ල නිම විය. මොහු තමාගේ පිය වූ දාවිත් විසින් කැප කරන ලද දේ වන රිදී හා රන් ද භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් සමිඳාණන්ගේ මාලිගාවේ ගබඩාවල තැබුවේ ය.


ඒ බඩුත් දාවිත් රජු සියලු ජාතීන්ගෙන් එනම්, ඒදොම්වරුන්ගෙන් ද මෝවබ්වරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද අමලෙක්වරුන්ගෙන් ද ගත් රන් රිදී සමඟ සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය.


කොරාගේ පුත්‍රයන්ගෙන් ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ද තෝරාගත් දොරටු පාලකයන්ගේ කාණ්ඩ මේවා ය.


ලාදාන්ගේ වංශයේ ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන් වන ලාදාන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටි ගේර්ෂොනිවය වූ ලාදාන්ගේ පුත්‍රයෝ නම්:


ජෙහියෙලී සහ ජෙහියෙලීගේ පුත්‍රයන් වූ සේතාම් සහ ඔහුගේ සහෝදර වූ ජෝවෙල් ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩා කෙරෙහි පත් වී සිටියෝ ය.


මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ෂෙබුයෙල් ගබඩාවල ප්‍රධානියා ව සිටියේ ය.


කොයි කාරණයක් ගැන වත්, අගනා වස්තු ගැන වත් පූජකයන්ට සහ ලෙවීවරුන්ට රජු දුන් ආඥාවෙන් ඔව්හු ඉවත් නො වූ හ.


ඔව්හු තමන්ගේ පුළුවන්කමේ හැටියට රන් කිලෝග්‍රෑම් පන්සියයක් ද රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් ද පූජකවස්ත්‍ර සියයක් ද කර්මාන්ත සඳහා ගබඩාවට දුන්නෝ ය.


මම ඔවුන්ට කතා කොට, ‘ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වූ අය ය; භාණ්ඩ ද කැප ය; මේ රන් රිදී ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔප්පු කරන ලද ස්වේච්ඡා පූජා ය.


ඒ දවසේ පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියම වූ කොටස් නගර ආසන්න කෙත්වල ප්‍රමාණයේ හැටියට ගබඩාවල රැස් කර තබන පිණිස, ඒවා කෙරෙහි පිළිගැන්වීමේ පූජා ද ප්‍රථම පල ද දසයෙන් එක ද සම්බන්ධ ව පාලනය කිරීමට මනුෂ්‍යයෝ පත් වූ හ. මන්ද සේවය කරමින් සිටි පූජකවරු ද ලෙවීවරු ද ගැන ජුදාවරු සතුටු ව සිටියෝ ය.


මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනෙන්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශීර්වාද නොදෙන්නෙම් දැ යි සෝදිසි කර බලන්න.


එහෙත්, ඔවුන්ට සම්මුඛ මණ්ඩපයේ සේවාවෙහි නියුක්ත අනිකුත් ලෙවීවරුන්ට සහාය විය හැකි ය. එහෙත්, ඔවුන් කිසි සේවාවක් නම් නොකළ යුතු ය. ලෙවීවරුන්ගේ වගකීම්වලට අදාළ ව නුඹ ක්‍රියා කළ යුත්තේ ඉහත දැක්වූ අන්දමට ය”යි වදාළ සේක.