අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.
1 ලේකම් 21:6 - Sinhala New Revised Version 2018 එහෙත්, රජුගේ වචනය ජෝවාබ් ට පිළිකුල් ව තිබුණු නිසා ඔහු ලෙවීවරුන් ද බෙන්ජමින්වරුන් ද ඔවුන් අතරේ ගණන් කෙළේ නැත. Sinhala New Revised Version එහෙත්, රජුගේ වචනය ජෝවාබ් ට පිළිකුල් ව තිබුණු නිසා ඔහු ලෙවීවරුන් ද බෙන්ජමින්වරුන් ද ඔවුන් අතරේ ගණන් කෙළේ නැත. Sinhala Revised Old Version නුමුත් රජුගේ වචනය යෝවාබ්ට පිළිකුල්ව තිබුණු නිසා ඔහු ලෙවීවරුන්ද බෙන්යමින්වරුන්ද ඔවුන් අතරේ ගණන්කළේ නැත. |
අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.
ශෙරුයාගේ පුත් ජෝවාබ් සෙනඟ ගණන් කරන්න පටන්ගත් නමුත්, එය අවසාන කෙළේ නැත. තවද, ඒ ගැන ඉශ්රායෙල් පිට උදහස පැමිණියේ ය. ඒ ගණන ද දාවිත් රජුගේ වාර්තා පොතේ ඇතුළත් නොකරන ලද්දේ ය.