ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 21:5 - Sinhala New Revised Version 2018

ජෙරුසලමට අවුත්, ගණන් ගත් සෙනඟගේ මුළු සංබ්‍යාව දාවිත්ට දුන්නේ ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ඉශ්රායෙල්වරු සියල්ලෝ එකොළොස්ලක්ෂයක් ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ජුදාහි මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑදහසක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙරුසලමට අවුත්, ගණන් ගත් සෙනඟගේ මුළු සංබ්‍යාව දාවිත්ට දුන්නේ ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ඉශ්රායෙල්වරු සියල්ලෝ එකොළොස්ලක්ෂයක් ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ජුදාහි මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑදහසක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෙරුසලමට ඇවිත්, ගණන්ගත් සෙනඟගේ මුළු ගණන දාවිත්ට දුන්නේය. කඩුව පාවිච්චිකරන ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් සියල්ලෝ එකොළොස් ලක්ෂයක්ය. කඩුව පාවිච්චිකරන යූදා මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑ දහසක්ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 21:5
4 හුවමාරු යොමු  

ජෝවාබ් ගණන් කළ සෙනඟගේ මුළු ගණන රජුට දැන්වී ය. අවි ආයුධ දැරීමට දක්ෂ මිනිසුන්ගේ ගණන ඉශ්රායෙල්හි අටලක්ෂයක් ද ජුදාහි පන්ලක්ෂයක් ද වූ හ.


එහෙත්, ජෝවාබ්ගේ වචනය නොව රජුගේ වචනය ස්ථිර විය. ඒ නිසා ජෝවාබ් පිටත් වී මුළු ඉශ්රායෙල් දේශයෙහි ඇවිද,


එහෙත්, “අහසේ තාරකා මෙන් ඉශ්රායෙල්වරුන් වැඩි කරන්නෙමි”යි සමිඳාණන් වහන්සේ කියා තිබුණ නිසා විසි අවුරුදු වයසේ පටන් ඊට බාල වූ තැනැත්තන් දාවිත් ගණන් කෙළේ නැත.


ශෙරුයාගේ පුත් ජෝවාබ් සෙනඟ ගණන් කරන්න පටන්ගත් නමුත්, එය අවසාන කෙළේ නැත. තවද, ඒ ගැන ඉශ්රායෙල් පිට උදහස පැමිණියේ ය. ඒ ගණන ද දාවිත් රජුගේ වාර්තා පොතේ ඇතුළත් නොකරන ලද්දේ ය.