ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය.
1 ලේකම් 21:21 - Sinhala New Revised Version 2018 දාවිත් ඔර්ණාන් ළඟට ගියේ ය. ඔර්ණාන් බලා දාවිත් දැක, කමතෙන් පිටතට අවුත් මුණින්තළා වී දාවිත්ට වැන්දේ ය. Sinhala New Revised Version දාවිත් ඔර්ණාන් ළඟට ගියේ ය. ඔර්ණාන් බලා දාවිත් දැක, කමතෙන් පිටතට අවුත් මුණින්තළා වී දාවිත්ට වැන්දේ ය. Sinhala Revised Old Version දාවිත් ඔර්ණාන් ළඟට ගියේය. ඔර්ණාන් බලා දාවිත් දැක, කමතෙන් පිටතට ඇවිත් මුහුණින් බිම වැටී, දාවිත්ට වැන්දේය. |
ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය.
තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් පස්සට හැරී දූතයා දැක ඔහු ද ඔහු සමඟ සිටි ඔහුගේ පුත්‍රයෝ සතරදෙනා ද සැඟවුණෝ ය.
එවිට දාවිත් කතා කොට, “සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීමට කමතේ ඉඩම මට දෙන්න. එහි මුළු වටිනාකම අනුව එය මට දෙන්න ඕනෑ ය”යි ඔර්ණාන්ට කීවේ ය.
ගිනි ජාලාව පූජාසනයෙන් අහස දෙස නඟින අතර, සමිඳාණන් වහන්සේගේ දූතයා ගිනි ජාලාවෙහි නැඟී ගියේ ය. මානෝවා ද ඔහුගේ භාර්යාව ද බලාගෙන සිටියෝ ය. එවිට ඔව්හු මුණින්තළා වැටුණෝ ය.
අබිගායිල් දාවිත් දුටු විට ඉක්මනින් කොටළුවා පිටින් බැස දාවිත් ඉදිරියෙහි මුණින්තළා වැඳ වැටුණා ය.