එදින ගාද් දාවිත් ළඟට අවුත්, “ඔබ ගොස් ජෙබුසිය අරව්නාගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන්නැ”යි ඔහුට කී ය.
1 ලේකම් 21:18 - Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ගාද්ට කතා කොට, “ජෙබුසිය ඔර්ණාන්ගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන පිණිස නැඟී යන ලෙස දාවිත්ට කියන්නැ”යි අණ කෙළේ ය. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ගාද්ට කතා කොට, “ජෙබුසිය ඔර්ණාන්ගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන පිණිස නැඟී යන ලෙස දාවිත්ට කියන්නැ”යි අණ කෙළේ ය. Sinhala Revised Old Version එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ගාද්ට කථාකොට: යෙබූසිය ඔර්ණාන්ගේ කමතේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන පිණිස නැගී යන ලෙස දාවිත්ට කියන්ට අණකෙළේය. |
එදින ගාද් දාවිත් ළඟට අවුත්, “ඔබ ගොස් ජෙබුසිය අරව්නාගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන්නැ”යි ඔහුට කී ය.
දෙවියන් වහන්සේ ජෙරුසලම විනාශ කරන්න දූතයෙකු යැවූ සේක. ඔහු එය විනාශ කරන්න යන විට සමිඳාණන් වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කතා කොට, “ඉතින් ඇත. නුඹේ අත නවත්වන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා ජෙබුසි ජාතික ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේ ය.
එවිට දාවිත් කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව මේ ය; ඉශ්රායෙල්වරුන්ගේ දවන යාග පූජා ඔප්පු කරන පූජාසනය ද මේ ය”යි කීවේ ය.
එකල සලමොන් තමාගේ පිය වූ දාවිත්ට ජෙරුසලමෙහි දී සමිඳාණන් වහන්සේ දර්ශනය වූ මොරියා කන්දේ ජෙබුසිය වූ ඔර්ණාන්ගේ කමතේ දාවිත් විසින් නියම කරන ලද ස්ථානයෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්න පටන්ගත්තේ ය.