මෙසේ සමිඳාණන් වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්රායෙල් දේශය පිට වසංගතයක් එවූ සේක. එයින් දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මිනිස්සු සැත්තෑ දහසක් මැරුණෝ ය.
1 ලේකම් 21:14 - Sinhala New Revised Version 2018 එබැවින් සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අතරට වසංගතයක් එවූ සේක. එයින් ඉශ්රායෙල්වරුන්ගෙන් සැත්තෑදහසක් මනුෂ්‍යයෝ මළෝ ය. Sinhala New Revised Version එබැවින් සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අතරට වසංගතයක් එවූ සේක. එයින් ඉශ්රායෙල්වරුන්ගෙන් සැත්තෑදහසක් මනුෂ්‍යයෝ මළෝ ය. Sinhala Revised Old Version එබැවින් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් අතරට වසංගතයක් එවූසේක. එයින් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සැත්තෑ දහසක් මනුෂ්‍යයෝ මළෝය. |
මෙසේ සමිඳාණන් වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්රායෙල් දේශය පිට වසංගතයක් එවූ සේක. එයින් දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මිනිස්සු සැත්තෑ දහසක් මැරුණෝ ය.
ඒ රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහසකට පහර දුන්නේ ය. මිනිසුන් අලුයම නැඟිට බලන විට, ඒ සියල්ලෝ මැරී සිටියහ.
ශෙරුයාගේ පුත් ජෝවාබ් සෙනඟ ගණන් කරන්න පටන්ගත් නමුත්, එය අවසාන කෙළේ නැත. තවද, ඒ ගැන ඉශ්රායෙල් පිට උදහස පැමිණියේ ය. ඒ ගණන ද දාවිත් රජුගේ වාර්තා පොතේ ඇතුළත් නොකරන ලද්දේ ය.
පාරාවෝ ද ඔහුගේ නිලධාරීහු ද මිසර වාසී සියල්ලෝ ද රාත්‍රියෙහි අවදි වූ හ. මිසරයේ මහා අඳෝනාවකි, මළ අයෙකු නැති ගෙයක් නො වී ය.
බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇර බැලූ නිසා, උන් වහන්සේ සෙනඟගෙන් සැත්තෑදෙනෙකුට පහර දුන් සේක. සමිඳාණන් වහන්සේ සෙනඟ අතරෙහි මේ සා මහත් ඝාතනයක් කළ බැවින් සෙනඟ වැලපුණෝ ය.